Mar152015

මහින්ද නැති රට කියන එක අරගෙන යන්නේ වැලේ වැල් නැති වුණ පිරිසක්

‘මහින්ද නැති රට’ දෙකඩ වෙයි කියනවා. ‘මහින්ද නැති රට’ අනතුරේ කියලා කියනවා. ‘මහින්ද නැති රට’ ගැන සුනිල් පෙරේරාට මොකද හිතෙන්නේ?

මවුබිම අනතුරේ කියනවා. රටවල් දෙකක් ගැන කියනවා. මම නම් හිතන්නේ මෙහෙම කියන ඔක්කොම හොරු මහින්ද නැති රට කියන එකත් අරගෙන යන්නේ පරාජිත වැලේ වැල් නැති වුණ පිරිසක්. පීනන්න වතුර නැතිව දඟලනවා.

මහින්ද නැති රට නොවෙයි මහින්ද හිටියා නම් රට කොහොම වෙයිද?

මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා පොළොන්නරුව මීටිමේදි කිව්වා අපි පැරැදුණා නම් මෙලහකට පස් යට කියලා. මෛත‍්‍රිපාල සිරිසේනට එහෙම නම් අපිට කොහොම වෙයිද? පාරවල් කොච්චර ලස්සන කළත් වැඩක් නෑ. කෙනකුට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරන්න බැරි නම් ගහන්න මරන්න එනවා නම් ඒ රජය තුරන් කරලා දාන්න ඕන. මට කියන්න තියෙන්නේ මහින්ද හිටියා නම් රට අනතුරේ කියලා තමයි.

Share this

More Gossip News