උපෙක්ෂා එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයට ?

ජනප්‍රිය නිළියක් වගේම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව නිල නොලත් දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ වාර්තා විය.එජාප ප්‍රබලයන් විසින් ඇයට එජාපයෙන් තරග කරන ලෙස ආරාධනාවක් කර ඇති බවත් දැනගන්නට ලැබේ.

 කෙසේ වෙතත් එම ආරාධනාව පිළිබදව තවමත් තීරණය කර නොමැති බවයි ඇය පවසන්නේ. මේ පිළිබදව විමසීමේදී එතුමිය කියා සිටින්නේ මෙවන් දෙයකී. තවම තීරණය කර නැහැ මොන පක්ෂයෙන් ඉල්ලනවාද කියා. මොකද මම ඡන්දය ඉල්ලනවද නැද්ද කියල කොහොමටවත් තවම තීරණය කරල නැහැ. යම් යම් පිරිස් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය දැන්මම ආරම්භ කරල තියෙනව. 

නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. දේශපාලනය කියන්නේ බොහොමත්ම රළු තැනක්. අපි මැතිවරණයකට ගියාහම හෝ දේශපාලනය කරද්දි තමන්ට තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන්ට වඩා තමන්ගේ පක්ෂයේ ඉන්න අයයි තමන්ට කෙණහිලිකම් කරන්නේ. දේශපාලනය ගැන යම් යම් කලකිරීම් තියෙනවා. මේක මාර ලෝකයක් දේශපාලනයෙන් තොර මට ලෝකයක් නැහැ. මට පක්ෂයක් වැදගත් වෙන්නේ මැතිවරණ කාලයට විතරයි. එතකම් මට පක්ෂයක් වැදගත් වෙන්නේ නැහැ.

පසුගියද කාන්තා දින සැමරුම් උත්සවයේදී රෝසි සේනානායක මහත්මිය අසල සිටින ඡායාරූපයක් මාධ්‍ය මගින් නිකුත් කිරීමත් සමග උපෙක්ෂා ගැන නොයෙකුත් කට කතා පැතිරුණා ඒ පිළිබදව ඇය කියන්නේ මෙවැනි දෙයක්. මම එතන කළේ චූටි ඉල්ලීමක් විතරයි. එජාපයට යන්න ඕන නම් මම එතනට ගිහින් ඉල්ලීමක් කරන්න ඕන නැහැ. මට එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙන්න ඕන නම් කෙළින්ම ගිහින් අගමැතිතුමාගෙන්ම අහන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.

Share this