රන්ජන්ගේ ප්‍රශ්නයෙන් ස්වර්ණවාහිනියේ ධම්මික යටිකිඳ නිරුත්තර වෙයි

පසුගියදා ස්වර්ණවාහිනියෙන් විකාශය වූ සංග්‍රාමය වැඩසටහනේදී එය මෙහෙය වූ නිවේදක ධම්මික යටිකිඳට නොසිතූවිරූ අකරතැබ්බකට මුහුණදීමට සිදුවුණා. ඒ රන්ජන් රාමනායක මහතා විසින් අසන අදල පැනයකට පිළිතුරක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන්. එහිදී රන්ජන් රාමනායක මහතා විමසා සිටි පැනය පහත පරිදි වේ....

සමබර නාලිකාව.... තිත්ත ඇත්ත ජනතාවට දෙන නාලිකාව.... අපක්ෂපාති නාලිකාව.... කියලා ඔයගොල්ලෝ පුනපුනා කියනවා... දැන් අපිට කොන්දක් තිබුණා එදා ඉදන්ම ඒ හොරාට හොරා කියන්න... හඳුන්නෙත්තිලා අපි කට්ටිය හොරා හොරා කියන එක එදා ඉදලාම කිව්වා.... එක ජනතාවගේ ඔළුවේ සේව් වුණා...මිනිස්සු ඩවුන්ලෝඩ් කළා... ස්තුතියි ඒකට ජනතාවට... ජනතාවට ඒකට ඡන්දය දුන්නා... ඒක ජනතාව පිළිගත්තා... දැන් ඔයගොල්ලොන්ට කොන්දක් නැත්තේ ඇයි මේ නාලිකාවකට අපි මෙහෙම ප්‍රසිද්ධියේ ඇත්ත කියද්දි මේ අපිව ගෙන්වන්න එපා කිව්වේ කවුද කියලා කියන්න. මම ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා... ඔබතුමා ප්‍රසිද්ධයේ මේක කියන්න ඕන... මෙච්චර කල් එතකොට ඔබතුමන්ලා කිව්වේ බොරුද සමබර නාලිකාවේ... අපක්ෂපාති නාලිකාවේ... අද කවුරුත් නැහැනේ වාද කරන්න... ඒ නිසා මෙතුමා අල්ලගන්න වෙනවා... දැන් මේ අයව ගේන්න එපැයි කිව්වේ කවුද කියලා නමින් කියන්න ඔබතුමාට කොන්දක් තියෙන්න ඕන... හරීන්ව ගේන්න එපැයි කියනවා... රංජන් රාමනායක ගේන්න එපැයි කියනවා... මෙතැනට ආපුවහම නවත්වනවා... හඳුන්නෙත්තිලා.... ජේ.වී.පී. අය නවත්වනවා.... නිශාන්ත වර්ණසිංහලා ගේන්න එපැයි කිව්වේ කවුද? තනි වචනයෙන් කියන්න පුළුවන් නම් .  එතකොට ඔන්න තීරණය වෙනවා සමබර නාලිකාවක් නම්... දැන් ඒකාධිපති යුගය නැහැනේ... ඔබතුමා කියන්න.... මගේක කාලය අරගෙන කියන්න....

එම සංවාදය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.... 

Share this