"මහින්දගේ පරාජය දැනගත්තු ගමන් මගෙත් සතුට ඉහවහා ගියා.."
මැතිවරණයක් පටන් ගත්තු සැනින් කැලණියට බැස සිය බලය පෙන්වන්නට පටන්ගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරනු ලබන ශ්‍රී ලනිපේ 'මර්වින් සිල්වා' පසුගිය කාලයේ ජනපතිවරණයක් පැවැත්වුණ නමුත්, මැතිවරණ වේදිකාවන්ට ගොඩ වෙමින් සිය පක්ෂයේ නායකයා වන 'මහින්ද රාජපක්ෂ' මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කතා කරන්නට දේශපාලන වේදිකාවන්ට ගොඩවන අයුරු දකින්නට නොලැබුණි.
සිය පුත්‍රයා වන මාලක සිල්වාට දෙසතියකටත් වඩා කාලයක් සිරබත් කන්නට සැලැස්වීම ඊට හේතු වන්නට ඇත. කෙසේ හෝ වේවා මේ වනවිට මර්වින් සිල්වා වත්මන් ජනපති ගැන සිටින්නේ පැහැදිමකිනි. ඒ වගේම මහින්දට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදුන් බවත් කියමින් ඔහු අපූරූ කතාවක් කර තිබුණා.
"මේකට සමහරු කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා... චන්ද්‍රිකා මැතිනිය නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් නැහැ.... 77දී පැරදුණු වෙලාවේ මගේ කාර් එකේ බෝම්බ පෙට්ටියක් අරන් ඇවිත් බණ්ඩාරනායක සමාධිය රැක්කේ මම.
කුවේණිගේ සාපය වගේ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ හිත නරක් කිරීම. හිත කිලිටු කිරීම නිසා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයට මේ දේ වුණේ... එයා ගාව හිටියේ ඇමරිකන් පුරවැසියෝ තුන් දෙනෙයි.
ඒ බැසිල්, ගෝඨාභය, ඩලස්. ඒ අයගෙන් බැසිල් තමයි 'පගාව' කියන වචනයේ පිතෘවරයා. මහින්ද ඡන්දෙ පරාදයි කියලා දැනගත්තට පස්සේ මගේ සතුට ඉහවහා ගියා... විෂ්ණූ දෙවියනේ ඔබට බුදු බව ලැබේවා කියලා මට ඉබේම කියැවුණා.... එයා පැරදිලා නිකම්ම ගියා නෙවේ ඉර පායන්න ඉස්සෙලලා යන්න වුණා.... එතෙන දී කළෙත් රැවටීමක්..." යනුවෙන් මර්වින් සිල්වාපවසා සිටියා.