ගෝඨාගේ BMICH අවි ගබඩාව පරීක්ෂා කෙරේ! - (ඡායාරූප)

සීල් තැබූ BMICH කාමරයේ අවි 3473 ක්! - බරඅවිත් ඒ අතර

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගොඩනැගිල්ලක දෙවැනි මහලේ පවත්වාගෙන ගිය ''රක්නා ලංකා'' ආරක්ෂක සේවයට අයත් ආයුධ ගබඩාවක්  අධිකරණයේ අවසරය මත පොලිසිය අද (20) පෙරවරු 10ට පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබුණත් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරියා නොපැමිණීම නිසා පොලිස් නිලධාරීන්ට මාධ්‍යවේදීන්ට පැය එකහමාරක් පමණ එහි ගත කරන්නට සිදු විය.

කෙසේ හෝ ඔහු පැමිණීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ සෝදිසි වරෙන්තුවක් අනුව කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා ඇතුළු පිරිසක් සීල් තබා තිබූ එම කාමරය විවෘත කර පරීක්ෂන ආරම්භ කරනු ලැබුවා.
මේ වන විට එහිදී සොයාගත් අවි පිළිබදව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත. මෙම අවි මැතිවරණ සමයේ විවිධ පුද්ගලයන් අතට ගියාද? නැද්ද? යන්න පිළිබඳවත් සොයා බලන බවයි පොලීසිය පවසන්නේ. එම ආරක්ෂක සේවයේ අවි ගබඩාවේ අවිවල අඩුවක් ඇති බවට ද කුරුදුවත්ත පොලීසියට මේ වන විට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

BMICH පරිශ්‍රයේ තිබු රක්නා ලංකා පුද්ගලික ආරක්ෂක සමාගමට අයත් අවි ගබඩාවේ පවත්වාගෙන ගිය ලේඛන වලට අනුව විවිධ වර්ගයේ අවි 3473ක් තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම අවි වර්ග සහ ප්‍රමාණයන් ය.




එනමුත් අද පොලිසිය විසින් අදාළ අවි ගබඩාව පරික්ෂා කිරීමේදී සොයා ගත හැකි වුයේ අවි 151කි. ඒ එම අවි වර්ග සහ ප්‍රමාණයන් පහතින් දැක්වේ. 







Share this