වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරු රැසක්ම තම රාජකාරි ආරම්භ කරේ අද දිනයේදීය. අමාත්‍ය ධූරයක් නොලැබුණද කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා බදුරලිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වූ පිරිසක් අසලදී තුවක්කුව පත්තුකර වැඩ අරඹා තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සඳහන් කරේ තම ජිවිත ආරක්ෂාව සඳහා තුවක්කුව භාවිතා කළ බවයි.
හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොඩනගන නව ආණ්ඩුවට නොගන්නා ලෙස බලකෙරෙන උද්ඝෝෂණයක් අතරතුර අද පස්වරුවේ මතුගම බදුරලිය ප්‍රදේශයේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ, උද්ඝෝෂණය පැවති අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාකරුවන් සමග ගැටුමකට යොමුවීමත් සමගයි.
උද්ඝෝෂණය සංවිධාන කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක්. එම ස්ථානයට පැමිණි තමන් ඇතුළු පිරිසකට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පහරදීමට උත්සහ කළ බවයි පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික රණසිංහ මහතා කියා සිටියේ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙච්ච එක තමයි ලොකුම ප්රශ්නය වෙලා තියෙන්නේ. ඒකට මේ අපෙන් පළිගන්න හදනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපිව එලවන්න හදනවා. මේ ප්‍රාදේශීය සභාවෙන් අපිව එලවන්න බැහැ එහෙම. මිනිස්සු අපිව පත්කරලා තියෙන්නේ මේ ජනතාවට සේවය කරන්න. ඉතින් මේ විදියට බලෙන් ගන්න බැහැ මේ ප්‍රාදේශීය සභාව.
ඇත්තටම පාලිත තෙවරප්පෙරුම කියන මන්ත්‍රීවරයා මෙච්චර දෙයක් දන්නේ නැද්ද? මේ ප්‍රාදේශීය සභාවේ පනතේ ඇත්තටම කරගෙන යන වැඩපිළිවෙල දන්නේ නැද්ද? ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුත් වෙලා සිටියා ඔය පාලිත කියන මන්ත්‍රීවරයා.
නමුත් මේ ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා උඩට වෙඩි තියලා, මේ පොලිසිය, දෙනෝදාහක් බලාගෙන ඉද්දි ප්‍රසිද්ධියේ මැර විදියට ඇවිල්ලා බීමතින් ජනතාවක් එක්ක සම්පුර්ණයෙන් ම විනාශ කරා බදුරලිය නගරය. පොලිසියෙන් ඇත්තටම හිටියා 30කට වැඩි ප්‍රමාණයක්. පොලිසිය ඉද්දි මේ සිදුවීම් සේරම කරේ. නමුත් පොලිසියත් උඩ බලාගෙන ඉන්නවා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මහතා දැක්වුයේ මෙවන් අදහසක්.
මට official තුවක්කුවක් තියනවා. වක් කැති,වක් මන්න අරගෙන එළවගෙන එනකොට මන් වෙන මොකද කරන්න තියෙන්නේ, මගේ පාක්ෂිකයන්ට ගහන්න එනකොට, පොලීසිය බලාගෙන ඉද්දි. අර අලුත්ගමදී ගැහුවා අපිට පොලීසිය බලාගෙන ඉද්දි. තවම පැමිණිල්ලවත් විභාගයට අරගෙන නැහැ. තවම වෙඩිකාපු අම්මට බෙහෙත් කරනවා. මගේ වාහනේ තවම ඉන්ෂුවරන්ස් එකේ. තවම පැමිණිල්ල විභාග කරේ නැහැ. පොලීසිය ගැන අපිට විශ්වාසයක් තියෙනවද?
පොලීසිය බලාගෙන ඉද්දි පොලීසිය ඉස්සරහා වක් කැති, වක් පිහි, කඩු කිණිසි අරන් අපිව එලවනකොට වෙන මොකද කරන්නේ අපි. මට official තුවක්කුවක් දීලා තියනවා. මන් උඩට වෙඩි තිබ්බා එකෙන්. ඇයි ඒ වෙඩි තිබ්බේ, මගේ සහ මගේ පාක්ෂිකයන්ගේ ආරක්ෂාවට. මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව වක් කැති, වක් පිහි අරගෙන එනකොට බලාගෙන ඉන්නවනම් වෙන මොනාද මැරුම් කන්නද කියන්නේ අපිට.