- හිටපු වනජීවි ඇමැතිගෙන් පාපෝච්චාරණයක්
පෞද්ගලික අලි හිමියන් භාරයේ සිටින අලි පැටවුන් 27න් 22ක්ම හොර අලි යැයිද ඔවුන් සඳහා ව්‍යාජ ලේඛන සකස් කර බලපත්‍ර ලබාදී තිබෙන්නේ වනජීවි දෙපාර්තමේන්තුව විසින් බවද හිටපු වනජීවි ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා.
ලංකාවේ පුද්ගලයන් සතු හීලෑ ඇතින්නියන්ට මෙතෙක් ලැබී ඇත්තේ පැටවුන් 5 දෙනෙකු පමණක් වන අතර අනෙක් අලි පැටවුන් විසි දෙදෙනාම ලංකාවේ ජාතික වනෝද්‍යාන හා අභය භූමිවලින් නීති විරෝධී ලෙස අල්ලාගෙන ඇති සතුන් බවද සොයිසා මහතා පවසනවා. තමන් වනජීවි ඇමැතිවරයා වුවත් පැවැති තත්ත්වය හමුවේ තමන්ට කළ හැකි කිසිවක් නොතිබූ බවද හිටපු ඇමැතිවරයා පැවසීය.
පසුගියදා දූෂණ විරෝධී පෙරමුණට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගන්දිනි රාජපක්ෂ, තිළිණ ගමගේ, සජින් වාස් ගුණවර්ධන, අජිත් ගාල්ලගේ, රොෂාන් ආදී පුද්ගලයන් 18 දෙනෙකු භාරයේ අලි පැටවුන් 27ක් සිටින බවද එහිදී වාර්තා විය.