පසුගිය ඔක්තෝබර් මාසයේ 21 වනදා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් වැඩ භාරගත් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අද (19) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළොන් අබුඩාබි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා. සාමාන්‍ය මගීන්ගේ පර්යන්තය හරහා පැමිණ ඇති හිටපු පොලිස්පතිවරයා ඉන්පසු රොටානා ගුවන් සේවයට අයත් ආර්.ජී.402 දරණ ගුවන් යානයෙන් අබුඩාබි බලා පිටත්ව ගොස් තිබෙනවා.
පොලිස්පති ධුරයෙහි සිටියදී දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධ වී සිටි මහින්ද බාලසූරිය මහතා 2011 වසරේදී විශ්‍රාම ලබා වැටුප් අරමුදල් කොල්ලකෑමට එරෙහිව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින්ගේ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණදීමේ වගකීම භාරගනිමින් ඉල්ලා අස්විය. එම වෙඩි තැබීමෙන් රොෂාන් චානක නම් තරුණයා ජීවිතක්ෂයට පත් වූ අතර එම සිදුවීමෙන් පසුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබීය.