බහුතර බලය සන්ධානයට බව එජාපය සිහිතබාගත යුතුයි

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට බව එක්සත් ජාතික පක්ෂය සිහිතබාගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (20) නව ආණ්ඩුවේ මංගල පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි. 

දුෂණ සම්බන්ධයෙන් වන විමර්ශන නතර කරන්න මටවත්, අගමැතිතුමාටවත්, කැබිනට් මණ්ඩලයටවත් බැහැ. අප මෙය කළ යුත්තේ ඉන්න අයට දඬුවම් දීමේ අභිලාෂයෙන් නොවේ. පාලන බලයේ ඉන්න අයටත් එයින් පාඩමක් ඉගෙන ගත යුතුයි. පාලන බලයේ ඉන්න අයත් සුදනෝ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. 

මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු ගෞරවය දෙන්න අපි කිසිවිටෙකත් පැකිළෙන්නේ නෑ. එතුමා ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමට හෝ එ් පිළිබඳ ප‍්‍රකාශ කරන්න කවරකු හෝ ඉදිරිපත් වෙනවා නම් එය තමන් විසින් දිවි හානිකර ගැනීමක්. 

එජාපය හිතන්න නරකයි දැන් වැඩි බලය තියෙන්නේ තමන්ට බව. තවමත් වැඩි බලය තිබෙන්නේ ශ‍්‍රීලනිපයටයි. අපිට අවශ්‍ය නම් දින 90කින් නෙවෙයි, තව දින 30කින් මේ ව්‍යවස්ථා සංශෝධනය කළ හැකියි. ජාති භේදයකින් තොරව ජාතික සම්මුතියකට අප පැමිණිය යුතුයි” යැයි ද මන්ත‍්‍රී රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Share this