සරත් ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් - සියලු වරප්‍රසාදත් හිමි වෙයි

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තිබු සියලු චෝදනාවලින් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර තිබේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනපතිට ඇති ප්‍රතිපාදන යටතේ ඔහුට ජනපති සමාව ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. 

ඒ අනුව ෆොන්සේකා මහතා අද සිට පූර්ණ ජෙනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිය. 

ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය. 

30 වසරක ත්‍රස්තවාදය පරාජය කිරීමේදී හිටපු ජනපති ‍මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිනායකත්වයෙන් සරත් ෆොන්සේකා මහතා එම මෙහෙයුමට නායකත්වය ලබාදුන්නේය. 

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පැවැති 2010 ජනපතිවරණයේදී ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග තරඟ කළේය. 

කෙසේ වෙතත් එම පරාජයෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා ද නැගිණ. 

මේ අනූව ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විමර්ශනයට යුධ අධිකරණයක් ද පත් කෙරිණ. 

එසේම ෆොන්සේකා මහතා හයිකෝප් නඩු තීන්දුව යටතේ වසර දෙකහමාරකට සිරගත කළ අතර එසේ සිරගතව සිටියදී ඔහුට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාම ජනපති සමාව යටතේ නිදහස ලබාදුන්නේය.

Share this