බීබර් - සෙලීනා පෙම අවසන්

උදා වූ නව වසරේ ජස්ටින් බීබර් සෙලීනා ගෝමස්ගෙන් වෙන් වූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මෙවර නව වසර සැමරීමට සෙලීනා තනිවම ඩුබායි සංචාරයක නිරත වී ඇති අතර, බීබර්ද තුර්කියේ සංචාරයක නිරත වී ඇත. එහෙත් ඔහු නව වසර සමරා ඇත්තේ තනිවම නොව ඔහුගේ යෙහෙළියක බව පවසන හෙයිලි බ්ලැඩ්වින් නම් නිරූපිකාවක සමගිනි. 

තුර්කියේ සංචාරයේ යෙදුණු බීබර් සහ හෙයිලි 31 වැනිදා දිනය සමරන ඡායාරූපයක්ද අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ. එමෙන්ම ජස්ටින් බීබර් ට්විටර්හි ඇයත් සමග සිටින ඡායාරූපයක් පළකරමින් 'සුබ නව වසරක් වේවා' යනුවෙන් සුබ පැතුමක්ද එක්කර තිබෙනවා.







Share this