Teenage girl gang-raped in Wilachchiya

පෙම්වතා සහ යාළුවො දෙන්නෙක් එක්ව මහ රෑ පෙම්වතිය දූෂණය කරලා

පෙම්වතිය රවටා ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් තවත් තරුණයන් දෙදෙනකු සමඟ රංචු ගැසී දූෂණය කර ඇය අතරමඟ දමා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ පෙම්වතා යැයි කියන අයකු සහ තවත් තරුණයන් දෙදෙනකු විලච්චිය පොලිසිය විසින් පෙරේදා (10දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අවුරුදු 16ක් වයසැති ළාබාල තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන සිටි අනුරාධපුර ප්‍රදේශයේ තරුණයකු තවත් තරුණයන් දෙදෙනකු සමඟ ඉකුත් 09 වැනිදා රාත්‍රි 10.00ට පමණ ඇයව හමුවීම සඳහා තරුණියගේ නිවෙස අසලට ගොස් තිබෙනවා.

මවුපියන් නින්දට ගොස් සිටි බැවින් ඔවුන්ට හොරෙන් ප්‍රේමවන්තයා සමඟ කතා කිරීමට තරුණිය නිවෙස ඉදිරිපිට මාර්ගය දෙසට පැමිණ ඇත. පසුව ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගෙන සිටි තරුණයා එම ස්ථානයේ සිටියහොත් කිසිවකුට හෝ හසුවේ යැයි පවසා තරුණිය මුළා කොට ඇයද ත්‍රිරෝද රථයට නංවාගෙන විලච්චිය වැව දෙසට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විලච්චිය වැවේ පාළු ප්‍රදේශයකදී මෙම තරුණිය සමඟ සම්බන්ධතාවක් පැවැත්වූ තරුණයා විසින් ඇයව දූෂණයට ලක්කර අනතුරුව ත්‍රිරෝද රථයෙන් ඔහු සමඟ ගිය අනෙක් තරුණයන් දෙදෙනාද එහිදී ඇයව දූෂණය කර ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.

තරුණිය දූෂණය කර රාත්‍රිය පහන් වන්නට පෙර ඔයාමඩුව ප්‍රදේශයේ තරුණිය දමා මෙම පුද්ගලයන් පලා ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ. 

අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව විලච්චිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පෙරේදා (10දා) පස්වරුවේ අනුරාධපුර විහාරපාලු‍ගම ප්‍රදේශයේදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

Share this