Australia tour of Sri Lanka Sri Lanka 117 & Australia 203

රංගනගේ සහ සඳකැන්ගේ පන්දුවෙන් කැන්ගරුවන් දමනය කරයි



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන වෝන් මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 203ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 86ක් ඉදිරියෙන් සිටිනවා. තරගයේ දෙවන දිනය අදයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් පළමු ඉනිම සඳහා සියලු දෙනාම දැවී ලබාගත්තේ ලකුණු 117ක් පමණයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 47ක් ලබාගැනීමට ඇඩම් වෝග්ස් සමත් විය. මිචෙල් මාර්ස් ලකුණු 31ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සහ ලක්ෂාන් සඳකැන් කඩුල් 4 බැගින් දවා ගැනීමට සමත් විය නුවන් ප්‍රදීප් කඩුලු 2ක් බිඳ හෙලනු ලැබුවා.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කිසිවකු නොදැවී ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි.

Share this