යෝෂිත ඇතුළු හතරක් අත්අඩංගුවට [Video සහිතයි]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා  පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා. අද පෙරවරුවේ යෝෂිත රාජපක්ෂ මහතාගෙන්  ප්‍රශ්න කිරීමක් සඳහා නාවික හමුදා මූලස්ථානයට  කැඳවා තිබුණා. එහිදී  සී.එස්.එන්. නාලිකාවේ සිදුවූවේ  යැයි කියනු ලබන  මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ  නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරුණා. ඉන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ. 

මේ අතර එම සිද්ධියටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට,  නිශාන්ත රණතුංග   සහ තවත් පුද්ගලයෙකුද පොලස් මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. 

මෙලෙස අත්අඩංගුවට ගැනුණු මොවුන් අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් නරඹන්න. 


Share this