පුංචි දෝනි තරහා වෙලා....

මුලින්ම රංගනයට පිවිස පසුව මෝස්තර නිරූපණයට පිවිසි නවක නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් වන මධූ කුලතුංග මෙවර සිරසගොසිප් නවක ශිල්පීන් ශිල්පිනියන් හඳුන්වාදීමේ ලිපි පෙළ මගින් අප හා කතා බහට එක්වූවා. මේ ඇය සමග සිදු කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසුණු ලිපියකි. 

මධු... අපි කැමැතියි මුලින්ම ඔයා ගැන දැනගන්න. අපිට කියනවාද ඔයා මොනව වගේ කෙනෙක්ද? එහෙම නැත්නම් මොනවගේ චරිතයක්ද?
මම මධු කුලතුංග.... මම ගැන කියනවා නම් මම හරිම සරල, සැහැල්ලූ විනෝදාත්මක චරිතයක්.

ඔයා පාසල් ගියේ කොහේටද? කොහොමද පාසල් ජීවිතේ. පාසල් ජීවිතේ අමතක නොවන සිදුවීමක් එහෙම මතක් කළොත්?
මම පාසල් දෙකකට ගියා. සාමාන්‍ය පෙළ දක්වා තී‍්‍ර/මිහිඳුපුර විද්‍යාලයටත් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ දක්වා තී‍්‍ර/අභයපුර මහා විද්‍යාලය ගියා. පාසල් කාලයේ සෑම දිනයක්ම මට අමතක වෙන්නේ නැහැ. අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. ඒවායින් වැඩියෙන්ම මතකයේ තියෙන සිදුවීමක් තමයි.... කෙටියෙන් කියනවා මෙහෙමයි... මගේ පොඩි කාලේ සිදුවීමක් තමයි කියන්න තියෙන්නේ... එක දවසක් අපේ පාසලෙන් කිව්වා අපට සින්දුවක් පාඩම් කරගෙන ඇවිත් කියන්න කියලා. ඉතින් අපේ තාත්තා මට නිතරම කියලා දෙන සින්දුවක් තමයි ජෝතිපාල මහත්මයාගේ පුංචි දෝණි තරහා වෙලා කියන සින්දුව. ඉතින් ඒක පාසලේ වේදිකාවේදී මම කිව්වා. ඉතින් එදා ඉඳන් කාලයක් යනකම් මට පාසලේ හැමෝම කතා කලේ පුංචි දෝණි පුංචි දෝණි කියලා.... ඒක තමයි මගේ පාසල් ජීවිතයේ අමතක නොවන සිදුවීම. 

මධු මුලින්ම එකතු වෙන්නේ මෝස්තර නිරූපණයටද? රංගනයටද?
මම මුලින්ම එකතු වෙන්නේ රංගනයට. මම රමණි ප‍්‍රනාන්දු සැලෝන් එකේ වැඩ කරන අවස්ථාවේ කපිල මැදගොඩ අයියා හඳුනාගන්න ලැබුණා. ඔහුගේ හඳුනාගැනීම හරහා මම මගේ පළමු රංගනය ෆේස්බුක් සින්දුවට දායකත්වය ලබාදෙන්න හැකියාව ලැබුණා. ඉන්පසුව තමයි මම මෝස්තර නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසුණේ. 

ඔබ දැනට වෘත්තීය රංගන ශිල්පිනියක්ද? එහෙමත් නැත්නම් වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පිනියක්ද?
දැනට මම වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පිනියක්. 

මෝස්තර නිරූපණ ක්ෂේත‍්‍රයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?
අමතක නොවන දේ තමයි මම පළමුවෙන්ම රෑම්ප් එකට අඩිය තියපු දවස... මම පළමුවෙන්ම රෑම්ප් ෂෝ එකකට ඉදිරිපත් වුණේ මගේ උපන්දිනය යෙදී තිබුණු දවසක වීමත් මට විශේෂත්වයක් වුණා. චාන්දනී බණ්ඩාර මහත්මියගේ නිෂ්පාදනයක්  එළිදැක්වීමේදී තමයි මම පළමුවෙන්ම රෑම්ප් එකට ආවේ. එදා මම රෑම්ප් එකේ යද්දී මගේ පපුව ඩිග් ඩිග් ගාන්න පටන් ගත්තා... මම රෑම්ප් එකේ යද්දී මම බය වෙලා හිටියේ... ඒවෙලාවේ එතැන සිටි  ඕඩියන්ස් එකවත් මම දැක්නේ නැහැ. ඒ තරම් මම බයකින් හිටියේ. ඒක තමයි නිරූපණ ක්ෂේත‍්‍රයේ  මට අමතකම නොවන සිදුවීම. 

ඔබ ෆේස්බුක් භාවිත කරනවාද?
ඔව් මම ෆේස්බුක් භාවිත කරනවා. මගේ නිල ෆේස්බුක් රසික පිටුව මධූ කුලතුංග කියලා... ඊට අමතරව මගේ ෆේස්බුක් ගිණුම තියෙන්නේ ඒන්ජල් වාසු කියලා. 

ඔබගේ නමින් හෝ ඔබගේ ඡායාරූප භාවිත කරමින් ෆේස්බුක්හි ව්‍යාජ ගිණුම් සකසා තිබේද? තිබේ නම් ඒවා සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග මොනවාද?
ඒකට ඇති වෙනකම්  මුහුණදී තිබෙනවා... තවමත් මුහුණදෙමින් පවතිනවා. මගේ නම භාවිත කරලා, මගේ ඡායාරූප යොදාගෙන සැකසූ ව්‍යාජ ගිණුම් 10කට වැඩි ගණනක් දැනටත් තිබෙනවා. මිනිස්සු මෙහෙම කරන්නේ ඇයිද කියලා මම දන්නේ නැහැ. එක එක මිනිස්සුන්ගේ මානසික මට්ටම් තමයි. මේ සම්බන්ධයෙන් මම යාළුවන්ගෙන් උදව් අරගෙන ඒවා රිපෝට් කරලා බ්ලොක් කර දෙන්න කියලා. ඒ වගේ මට මේ සඳහා සිරසගොසිප් එකෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ නමින් තිබූ ව්‍යාජ පිටුවක් රිපෝට් කර එය බ්ලොක් කර ගැනීමට මට සිරසගොසිප් සහයෝගය ලැබෙනවා. ඒවාගේම ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයටත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි කටයුතු සඳහා. 

ඔබ මෝස්තර නිරූපණය, එහෙමත් නැතිනම් රංගනය ඉගෙනගෙන තිබේද? සරලව කියනවා වනම් රංගනයට, මෝස්තර නිරූපණයට ඔබ සුදුස්සෙක්ද? 
අනිවාර්යයෙන්ම මම සුදුස්සෙක් කියලා මම හිතනවා. මම ඉගෙනුම ලැබුවේ රොසෑන් ඩයස් ගුරුතුමිය යටතේ. එහිදී මම පාඨමාලාවන් හැදෑරීමෙන් අනතුරුවයි මම මෝස්තර නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසුනේ. අදටත් මම ඇයගෙන් ඉගෙනුම ලබමින් සිටිනවා. සුදුස්සෙක් වෙන්නේ මම පොඩි කාලේ ඉඳන්ම මම ඒකට ආස කළා. සියල්ල නිවැරදිව කළමනාකරණය කරගෙන යාමට හැකියාවක් ඇත්නම් හැකියාව, උනන්දුව උත්සාහ තිබේ නම් මම සුදුස්සෙක් කියලා මම හිතනවා. 

ෆේස්බුක් ඔස්සේ ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
මෙහෙමයි... හොඳ ප‍්‍රතිචාරත් තියෙනවා... නරක ප‍්‍රතිචාරත් තියෙනවා. හොඳ ප‍්‍රතිචාර කියනවා නම් සිරසගොසිප් එක ගැන විශේෂයෙන් මතක් කළයුතුයි. මොකද මට  සිරසගොසිප් එකෙන් ෆේස්බුක් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද මම දැනුවත්ව මගේ ඡුායාරූප එකතුවක් ගොසිප් වෙබ් අඩවියක ගියා නම් ඒ සිරසගොසිප් එකේ තමයි ගියේ. ඒ වගේ මම කියන්න සතුටුයි... මගෙන් මීට කලින් ආටිකල් ගන්න කට්ටිය ඇවිත් තියෙනවා. එහෙත් මගේ පළමු ආටිකල් එක ගන්නෙත් සිරසගොස්ප් එකෙන්. ඉතින් මට ඒ ගැන කියන්න හරිම සතුටුයි. 
ෆේස්බුක් එකෙන් අයහපත් පැත්ත ගැන කතා කළොත් මගේ ෆොටෝ සිරසගොසිප් වෙබ් අඩවියේ පළ වී තිබෙන විට ඇතැමුන්ට බලන් ඉන්න බැහැ. ඒක ඇලජික්... ඒ අතර ඇතැම් ඡුායාරූප ශිල්පීනුත් ඉන්නවා. ඒ ඇයිද කියලා මම දන්නේ නැහැ. මට ඒක හරි ප‍්‍රශ්නයක්. මොකද ඒ ඇතැම් ඡුායාරූප ශිල්පීන් මම ජීවිතේට මුණ ගැහිලත් නැහැ. 

මෝස්තර නිරූපණයට ඔබ ගොස් තිබෙන්නේ රංගනය අතහරින්නද?
අනේ නෑ.... මම රංගනයේ නිරත වන ගමන්ම තමයි මෝස්තර නිරූපණයේ නිරත වන්නේ. 

ඔබ මෙතෙක් රංගනයෙන් දායක වූ දේ මොනවද?
මම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ මුලින්ම ෆේස්බුක් සින්දුවට, ඊට පස්සේ ශෂිකා නිසංසලා මහත්මියගේ ගීතයක වීඩියෝවට රංගනයෙන් දායක වුණා. ඒ වගේම සුපර්ස්ටාර් හි එරන්ද පැතුම්ගේ සින්දුවකටත් රහල් අල්විස්ගේ ගීතයක රූප රචනාවටත් මම රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම මම නලින් මාපිටිගමගේ මහතාගේ සහ සෝමරත්න දිසානායක මහතාගේ චිත‍්‍රපටයකට දායක වී තිබෙනවා. ඊට පෙර පූජා  උමා ශංකර්ගේ චිත‍්‍රපටයක සුළු චරිතයක් නිරූපණය කළා. ඒ වගේම මීට සති කිහිපයකට පෙර DVD චිත‍්‍රපට දෙකකට රංගනයෙන් දායක වුණා. එකක් සුරේස් කුමාරසිංහගේ, ටෙනිසන් කුරේ රංගනයෙන් දායක වන ඩොක්ටර් අඩෝ සහ බිංදු සමග සයිමන් අයියා සහ මාටින් අයියා කියලා DVD  චිත‍්‍රපටයකට රංගනයෙන් දායක වී තිබෙනවා. 
ඊට අමතරව මම වේදිකා නාට්‍යයකට මේ දිනවල සම්බන්ධ වී තිබෙනවා. මේ මගේ පළමු වේදිකා නාට්‍යය... මම මේ වේදිකා නාට්‍යකරණයට යොමු වුණේ පද්මසිරි ගමගේ සර්ගේ ගුරුහරුකම් යටතේ. කලා ක්ෂේත‍්‍රයේ වසර 25ක් තිස්සේ කලාවේ සිටින කෙනෙක් වන පද්මසිරි ගමගේ සර්ගේ කලා නිර්මාණයකට දායක වීමට ලැබීම මගේ ලොකු භාග්‍යයක් කියලා මම විශ්වාස කරනවා. 

ස්තී‍්‍ර සහ වයිරා වේදිකා නාට්‍යයේ රංගනය තුළින් ඔබ ලැබූ ප‍්‍රතිචාර කොහොමද?
ප‍්‍රතිචාර නම් ගොඩක් හොඳයි. මට ඒකට හරි සතුටුයි. ඒ වගේම ඔබ කලින් පැවසූ ආකාරයෙන් පළපුරුදු රංගන ශිල්පිනියක් ලෙස රංගනයේ නිරතවීමට හැකියාව ලබාදුන්නේ පද්මසිරි ගමගේ සර්. මොකද සර් මං තුල තිබෙන දක්ෂතාවයන් එළියට අරගෙන හොඳට මුවහත් කරලා සර් දීපු පන්නරය නිසා තමයි මං එදා ඒ විදිහට පළපුරුදු රංගන ශිල්පිනියක් ලෙස රංගනයේ නිරත වීමට හැකි වුණේ. 

නවක නිරූපිකාවන්ගෙන්, රංගන ශිල්පිනියන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දරණ බවට චෝදනාවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබටත් අත්දැකීම් තිබේද?
රංගනයට හෝ නිරූපණයට නවකයෙක් පැමිණියාට පසුව රංගන ක්ෂේත‍්‍රයේ ඇතැම් නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් වගේම නිරූපණ ක්ෂේත‍්‍රයේ සිටින ඇතැම් ඡුායාරූප ශිල්පීන් එවැනි අයුතු යොජනා ගෙන එනවා. ඔවුන් හිතන්නේ ඒ වගේ අයුතු යෝජනාවලට පෙළඹවා ගතහොත් ඔවුන්ට ඉදිරියට යාමට දිය හැකියි සිතන පිරිසක් ඉන්නවා. ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ පහත් අරමුණු වෙත යොමු කරවගන්න. එහෙම හිතන් ඉන්න අයගේ මට එවැනි යෝජනා ඇවිත් තියෙනවා. මට එලෙස යෝජනා කරපු අය වෙත මම කෙළින්ම මූණටම කියනවා කියන්න  ඕනදේ. මම ඒවාට සැලෙන්නේ නැහැ... ඒවට බය වෙන්නෙත් නැහැ. එවැනි යෝජනාවලට අකමැති වීම නිසා මට චිත‍්‍රපට, මෝස්තර ඡුායාරූප ආදි ගණනාවක් මට මගහැරී තිබෙනවා. ඒවා ගැන මම කනගාටු වෙන්නේ නැහැ. මොකද දෙයක් ලැබෙන්න තියෙනවා මට එය අනිවාර්යයෙන් ලැබෙනවා. කිසියම් නිෂ්පාදකයෙක් ඔහුගේ හෝ ඇයගේ නිර්මාණයකට මාව සුදුසුයැයි සිතුවහොත් ඔවුන් අනිවාර්යයෙන්ම මම ඒ සඳහා තෝරාගන්නවා. ඉතින් එවැනි අයුතු දේවලින් ඉදිරියට යන්න මට අවශ්‍ය නැහැ. මට  ඕනි හොඳ රංගන ශිල්පිනියක්, හොඳ නිරූපණ ශිල්පිනියක් ලෙස ඉදිරියට යාමටයි. 

යම් නිෂ්පාදකයකුට හෝ අධ්‍යක්ෂවරයකුට හෝ ඡායාරූප ශිල්පියෙකුට ඔබ සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද ඔබ සම්බන්ධ කර ගත හැක්කේ. 
මගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක වන මධු කුලතුංග හරහා හෝ මගේ ඊමේල් ලිපිනය හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. m.l.b.i.kulathunga@gmail.com ඒ වගේම මාව යම් නිර්මාණයකට තෝරා ගනු ලබන අයට මා මේ දෙය කියන්න කැමැතියි... ඇතැම් අය තනියම එන්න කියනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මම කිසිම අවස්ථාවක මම තනියම යන්නේ නැහැ. මම එන්නේ ගෙදර කවුරුන් හෝ සමග. මම තනියම එන්නේ නැහැ. එම නිසා තනියම එන්න කියන වැඩවලට මම එන්නේ නැහැ කියලා කියන්න කැමැතියි. 

මොනවද අනාගත බලාපොරොත්තු? 
මම දැනට ඉන්න තත්ත්වයට වඩා හොඳ වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පිනියක් ලෙස වෙනස්  වෙනස් දේ කිරීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව. රංගන ක්ෂේත‍්‍රයේත් මම මට ගැලපෙන දේ කිරීමට තමයි අනාගතයේදී බලාපොරොත්තු වෙන්නේ. ඒවගේම මේ අවස්ථාවේ මට කියන්න දෙයක් තියෙනවා. මොකද යම් නිර්මාණයකට මාගේ දායකත්වය අපේක්ෂා කරනවා නම්... අනිවාර්යෙන්ම මම ඒ නිර්මාණයේ ස්කී‍්‍රප්ට් එක කියනවා... එය කියවීමෙන් පසුව තමයි මම එයට කැමැතිද නැද්ද යන්න තීරණය කරන්නේ. මට පුළුවන් ෙ දයක් නම් මම ඒකට කැමැතියි කියනවා... මං කවාදාවත් මම භාරගත් දෙයක් අතරමග දාලා යන්නේ නැහැ. ඒ ආකාරයෙන් හොඳ චරිත තෝරාගෙන ඉදිරියට යාමට තමයි රංගනය සම්බන්ධයෙන් මගේ බලාපොරොත්තුව. 

සිරසගොසිප් සිදු කරන මෙම කර්තව්‍ය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ඔයාලාගේ කර්තව්‍ය සම්බන්ධයෙන් මම මුලින්ම ඔයාලාට ස්තුතිවන්ත වනවා. මොකද ඔයාලා කරන්නේ ලොකු සේවයක්. මොකද අලූතින් ක්ෂේත‍්‍රයට එන අයට ලොකු උදව්වක් කරන්නේ. ඉදිරියට යාමට ඔවුන්ට මෙය ලොකු අත්වැලක්. ඒ වගේම ගොසිප් සයිට් එකක ආටිකල් එකක් යන මම දැකපු පළමු ගොසිප් සයිට් එක තමයි සිරසගොසිප් සයිට් එක. නිරූපණ ශිල්පීන්ගේ හෝ රංගන ශිල්පින්ගේ හෝ කුමන හෝ පුද්ගලයකුගේ සම්මුඛ සාකච්ඡුාවක් මම මින් පෙර දැකලා නැහැ. ඔබ කරන මේ වැඬේ මම අගය කරනවා. ඉදිරියටත් මෙවැනි අලූත් අලූත් දේ කිරීමට හැකි වේවායි කියා මම ආශීර්වාද කරනවා. 

නිරූපණ ශිල්පිනී මධු කුලතුංග සිරසගොසිප් සමගින් කළ කතා බහ පහතින් අහන්න. 


නිරූපණ ශිල්පිනී සම්බන්ධීකරණය ඡායාරූප ශිල්පී ඉමේෂ් නුවන්දක


මධු කුලතුංගගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න


Share this