ඇඹිලිපිටියේ තරුණයා 'මිය යෑමට පෙර' පොලිසිය වීඩියෝත් කරලා

ඇඹිලිපිටිය ප්‍රදේශයේ  උත්සවයක්‌ අතරතුර මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට දීර්ඝ ප්‍රකාශයක් කර තිබෙනවා. එහිදී ඇය සඳහන් කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයා තම සැමියාව ඉහළ සිට තම දෑස් ඉදිරිපිටම තල්ලු කළ බවයි. එමෙන්ම ගැටුම පටන් ගත් අවස්ථාවේ පොලිස් නිලධාරිවරයෙක් තම ජංගම දුරකථනයෙන් සිදුවීම පටිගත කළ බව ද ඇය සඳහන් කර තිබෙනවා.

 මහත්තයා කොරිඩෝවේ ඉඳගෙන පොලිස්‌ ඇඳුම් ඇඳගත්තට ඔය විදිහට මිනිස්‌සුන්ට ගහන්න එපා කියලා පොලිස්‌ නිලධාරියකුට කියනවා ඇහුණාග එතකොට ඒ පොලිස්‌ නිලධාරියා තව කියපන්ගගග තව කියපන්ගගගකියලා අතේ තිබුණු ෆෝන්  එකෙන් වීඩියෝ කළා. , යනුවෙන් ඇය පුවත්පතට සඳහන් කර තිබෙනවා.

 මට ගහන්න එපා... කියලා මහත්තයා කෑගහනවා ඇහුණා. ඒ එක්‌කම වීදුරු බිඳෙන ශබ්දයක්‌ ඇහුණා. මම උඩට දිව්වා. එතකොටත් ඒ.එස්‌.පී. මහත්තයා දෙවැනි තට්‌ටුවේ කොරිඩෝව කෙළවරෙන් මහත්තයාව පහළට තල්ලු කරන්න හදනවා. අනේ මාව තල්ලු කරන්න එපා.... කියලා මහත්තයා කෑගැහුවා. මම මහත්තයා ළඟට දිව්වා. එතැනට යනකොටම ඒ.එස්‌.පී. මහත්තයා මගේ මහත්තයාව තට්‌ටුවෙන් බිමට තල්ලු කළා. මහත්තයා තල්ලු කරපු තැන ඉඳලා පහළ බලනකොට මම දැක්‌කා මහත්තයා උඩුබැලි අතට වැටිලා ඉන්නවා. ඒ මොහොතේම ඒ.එස්‌.පී. මහත්තයා පහළ සිටි පොලිස්‌ නිලධාරියකුට ඔලුවෙන් මොනවාදෝ කියනවා මම දැක්‌කා. ඒ පොලිස්‌ නිලධාරියා මගේ මහත්තයගේ හිස කකුලෙන් එහාටල මෙහාට තල්ලු කරලා බැලුවා. පස්‌සේ ඒ.එස්‌.පී. මහත්තයා කිව්වා ඔය බොඩිය ත්‍රීවීල් එකකට දාපං කියලා., යැයි මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Share this