දරු දෙදෙනා සමඟ දුම්රියට පනින්න හැදු කාන්තාවක් ප‍්‍රදේශවාසීන් බේරා ගනී (වීඩියෝ )

මහනුවර සුදුහුම්පොළ ප‍්‍රදේශයේදී තම දරු දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහා කල කාන්තාවකගේ දිවි බේරා ගැනීමට ප‍්‍රදේශවාසීන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙම මස 22 දින පෙරවරු 10.30ට පමණ නාවලපිටිය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් පවතී දුම්රියට පැනීමට මෙම කාන්තාව උත්සහා කළ බව ප‍්‍රදේශවාසීන් සඳහන් කරන අතර එම අවස්ථාවේදී ඇගේ වැඩිමහල් දියණිය කාන්තාවගේ අත ගසා දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන ගත් බවත් ප‍්‍රදේශවාසීන් හට කාන්තාව හා දරුවන් දුම්රිය මාර්ගයෙන් කිරීමට අවස්ථාව ලද බවත් සිද්ධිය දුටුවන් සඳහන් කරනවා.

පසුව මෙම කාන්තාව මහනුවර මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත රැගෙන ආ අතර එහිදී කාන්තාව සඳහන් කළේ තම සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සබඳකමක් පැවැත්වීම හේතුවෙන් සිත් තැවුලට පත්ව තම දරුවන් සමඟ දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහා කළ බවයි.





Share this