ජනතාව වැඩියෙන් ගැවසෙන තැන් සොයමින් මහවිරු දිනයට උතුරේ පෝස්‌ටර් ගසයි

එල්. ටී. ටී. ඊ. මහවිරු දිනය සැමරීමට එක්‌වෙමින් හෙට (27 වැනිදා) ඊළමට සහාය පළ කරමු යැයි සඳහන් කරමින් ඊයේ (25 දා) යාපනය, වව්නියාව, කිලිනොච්චිය ප්‍රදේශ පුරා සහ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පෝස්‌ටර් ඇලවීමේ ව්‍යාපාරයක්‌ දියත් කර ඇති බව වාර්තා වනවා.

අදාළ ප්‍රදේශවල ජනතාව වැඩිවශයෙන් ගැවසෙන ප්‍රදේශ මූලික කරගෙන කිසියම් සංවිධානාත්මක පිරිසක්‌ විසින් මෙම පෝස්‌ටර් ඇලවීම සිදුකර ඇති බව පෙනී යාමට ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙරට තුළ තහනම් කර ඇති ත්‍රස්‌තවාදී සංවිධානයකට සහාය දක්‌වන ලෙස සඳහන් කරමින් මේ අන්දමට පෝස්‌ටර් ඇලවීම නීතිවිරෝධී ක්‍රියාවක්‌ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.
Source - දිවයින පුවත්පත

යුද්ධය නිමාවීමෙන් පසු එල්. ටී. ටී. ඊ. සංවිධානයට හා ඊළාම් මතවාදයට සහාය පළ කරන ලෙස දන්වා උතුරේ පෝස්‌ටර් ඇලවීමක්‌ සිදුවූ ප්‍රථම අවස්‌ථාවද මෙය වේ.

Share this