කෝපි කඩේ ඇසිලින් දිවිගමනට සමුදෙයි

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය ඊයේ (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 67 වන වියේ පසු වූ ඇය කලක සිට රෝගතුරව සිට ඇත. 

60 දහකයේ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය සිනමා නිර්මාණ 25කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර වේදිකා නාට්‍ය 300කට අධික ප්‍රමාණයකටද ටෙලි නාට්‍ය  200කට ආසන්න ප්‍රමාණයකටද ඇය රංගනයෙන් දායක තිබේ. 

දමිතා සළුවඩන මහත්මිය ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූයේ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ඇසිලින්ගේ චරිතයෙනි. 
ඇයගේ දේහය අවසන් ගෞරවය සදහා අද (28) බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර තැබෙනවා. 




Share this