නිරූපණ ක්ෂේත්‍රයේ UD කියන්නේ කවුද?

මෙවර අපි සිරසගොසිප් කතාබහට එක් කර ගත්තේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වට ළඟාවෙමින් සිටින තවත් ජනප්‍රිය සුන්දර යුවතියක්. ඇය නමින් ගීත්මා අල්විස්. එහෙම නැත්නම් ඇය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වී සිටින්නේ UD කියලා තමයි. ඉතින් අපි ඇයගෙන් ඇය ගැන විස්තර ඇසුවා පාඨක ඔබ වෙනුවෙන්. මේ ඇය සමග කළ සංවාදයයි. 

ඔයාගේ සම්පූර්ණ නම මොකක්ද?

මගේ සම්පූර්ණ නම තමයි ගීත්මා අල්විස්.

එතකොට ඔයාට ආදරේට කියන නම 
නිරූපණ ක්ෂේත්‍රයේදී නම් මට ආදරේට කියන්නේ UD කියලා. එහෙම නැත්නම් UD Clakxa කියන්නෙත් මට තමයි. 

එහෙනම් අපිත් දැන් ඉඳන් UD කියන්නම්
කමක් නෑ

එතකොට UDගේ පවුලේ තව කවුද ඉන්නේ?
අම්මයි තාත්තායි අක්කයි මගේ පවුලේ ඉන්නවා. 

ඔයා පාසල් ගියේ කොහේටද? 
බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයට. 

UDගේ ගම් පළාත කොහේද?
මම හික්කඩුවේ. 

UD කැමැතිද උපන්දිනය, වයස එහෙම කියන්න.
කිසිම අවුලක් නැහැ. මට දැන් අවුරුදු 20ක් වෙනවා. මම ඉපදුනේ මැයි මාසේ 28 වැනිදා.

ඔයා ඇයි මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ. මොකක්ද ඒකට හේතුව?
පොඩි කාලේ ඉඳන්ම මෝස්තර නිරූපිකාවක් වෙන්න මගේ හිතේ තිබුණේ නැහැ. ඒත් මම ආශ්‍රය කරන මගේ යහළුවන් ගොඩක් දෙනෙක් මේ ක්ෂේත්‍රයෙන් ඉහළට ගොස් සිටිනවා. ඉතින් මටත් ආශාවක් ආවා මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න. මට මේ ක්ෂේත්‍රයට එකතු වෙද්දී ඒ අය මට ගොඩක් උදව් කළා. ඒ අනුව 2015 ප්‍රීමා කොත්තුමී මොඩල් හන්ට් හරහා තමයි මම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ. ඊට එක් වුණු මට කොත්තුමී කැලැන්ඩරයට නිරූපිකාවක් ලෙස පෙනී සිටිමේ අවස්ථාවද ලැබුණා. දැන් නම් ඉතින් ෆැෂන් කියන්නේ මගේ ජීවිතය තමයි. 

මෙම කටයුතුවලට ඔයාට කවුද උදව් කරන්නේ. 
මගේ ළඟින්ම ඉඳන් මට ගොඩක් උදව් කරන්නේ මගේ අම්මා සහ අක්කා. ඒ වගේම තමයි මගේ ගුරුතුමිය රොසෑන් ඩයස් මහත්මිය. මේ වෙලාවේ ඇයත් බොහෝම ආදරයෙන් මතක් කරන්න ඕනි. මොකද මට මේ ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වීමේදී හරි මග කියා දුන්නේ මගේ ගුරුතුමිය. ඒ වගේම තව ඉන්නවා මට උදව් කරන ගොඩක් දෙනෙක්. ඒ මගේ ළඟින්ම ඉන්න යාළුවෝ වෙන රංගන ශිල්පී විරාජ් පෙරේරා අයියා. එයා මගේම අයියා කෙනෙක් වගේ තමයි මට. 

තව ප්‍රභාත් අයියා සහ මගේ කොත්තුමී සෙට් එක. ඒ වගේම මුර්ෂ් එහෙම නැත්නම් රටම දන්න ෆන්කි ඩර්ඩ් (funKy DirT) තමයි මගේ හොඳම යාළුවා. අර අපි කියන්නේ බුදුෆිට් එක කියලා... අන්න එයා තමයි මුර්ෂ්(funKy DirT).

මොනවද ඉදිරි බලාපොරොත්තු
ම්ම්ම්.... රංගනයට එකතු වෙන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි මම තවදුරටත් මෝස්තර නිරූපණය හදාරනවා. එලෙස හැදෑරීම තුළින් ලබාගන්නා දැනුම තුළින් ක්ෂේත්‍රයට යම් දෙයක් කරන්නටත් මගේ බලාපොරොත්තුවක් තිබෙනවා.

UD facebook එකේ ඉන්නවාද?
ඔව් මට ෆේස්බුක් ප්‍රෙෆයිල් එකක් සහ ෆෑන් පේජ් එකක් තියෙනවා. 
ප්‍රොෆයිල් එක UD Clakxa
ෆෑන් පේජ් එක Geethma Alviz

UDගේ තවත් ඡායාරූප පහළින් බලන්න. 




Share this