ශ්‍රී ලාංකේය දේශපාලනයේ අතිශය ජනප්‍රිය හා ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රකට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හෙට (06) යෙදෙන සුබ මොහොතින් විවාහ ගිවිසගැනීමට නියමිතයි.
මෙකී විවාහ ගිවිස ගැනීම සඳහා මේ වන විට Facebook ඇතුළු බොහෝ සමාජ ජාල වෙබ් අඩවි හා විවිධ ගොසිප් වෙබ් අඩවි හරහා ඉතා ඉහල ප්‍රසිද්ධියක් හිමිව තිබුනද , බොහෝ වෙබ් අඩවි හිරුනිකාගේ අත ගන්නා සැබෑ පෙම්වතා කවුරුන්ද යන වග නිවැරදිව නම් කිරීමට අපොහොසත්ව ඇත.
මාධ්‍යට තවමත් රහසක්ව පවතින මෙම ආදර අන්දරයේ , හිරුනිකාගේ අත ගන්නා වාසනාවන්තයා වන්න ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී , නිරූපන ශිල්පී හා රුපවාහිනී නිවේදක හිරාන් යට්ටෝවිටයි.
හිරු රුපවාහිනී නාලිකාවේ පළමු ටෙලි නාට්‍යය ලෙස විකාශනය වූ , කැලුම් පාලිත මහීරත්නගේ ‘ විසුළ අහස යට’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවමින් රංගනයට අවතීර්ණ වූ හිරාන් යට්ටෝවිට මේ වනවිට එම නාලිකාවේම ‘මංගලම්’ වැඩසටහනේ ප්‍රධාන නිවේදකයා ලෙස කටයුතු කරයි.එසේම හිරාන් මෙරට නිරුපන ක්ෂේත්රයෙ කැපී පෙනෙන යොවුන් නිරූපන ශිල්පියෙකි.
හෙට යෙදෙන විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවුලේ සමීපතමයන්ට පමණක් සිමා වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මීට සාක්ෂිකරුවකු ලෙස අත්සන් තැබීමට නියමිතයි.
හිරාන්-හිරුනිකා විවාහ උත්සවය මේ වසරේ දෙසැම්බර් මාසයේ හෝ ලබන වසරේ මුල් කාර්තුවේදී දේශපාලන-කලා-ක්‍රීඩා හා නිරුපන ලෝකයේ ජනප්‍රිය තරු පිරිවරා කොළඹ සුපිරි හෝටලයකදී සැමරීමට මේ මොහොත වනවිට පිඹුරුපත් සකස්වෙමින් පවතින බවට වාර්තාවේ.
මෙහිදී වර්තමාන සිනමාවේ හා නිරූපන ලෝකයේ අතිශය ජනප්‍රිය යොවුන් නළුවන් කිහිප දෙනෙකු මෙම මංගල්‍යයේ දෙවෙනි තෙවෙනි හා සිව්වන මනාලයන් ලෙස පෙනී සිටීමට නියමිතව ඇත.
එසේම හිරුනිකාගේ පාසල් මිතුරියන් තිදෙනෙකු ඇයගේ මංගල්‍යයේ යෙහෙලියන් ලෙස හැඩගැන්වීම නියමිතව ඇත.
හිරුනිකාගේ මංගල්‍යය සඳහා හිමිවන අසීමිත ජනමාධ්‍ය අවධානය හේතුකොටගෙන , ලංකාවේ නමගිය බොහෝ වේශ නිරූපණ ශිල්පීන් හා මනාලියන් හැඩ ගැන්වීමේ වෘත්තිකයින් සිය පුද්ගලික වියදමින් හිරුණිකා හැඩගැන්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඇති අතර , මේ අතුරින් හිරුනිකාගේ අභිමතය පරිදි එකී අවස්ථාව මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පී චන්දිමාල් ජයසිංහ වෙත හිමිව තිබෙනවා.
(තමන් විසින්ම නිවේදන කටයුතු සිදුකරන, මංගල උත්සව හාසම්බන්ධිත රුපවාහිනී වැඩසටහනක් තුලින් තමන්ගේ මංගල්‍යය රසිකයින් අතරට ගෙන ඒමට වරම්ලද පළමු ශ්‍රී ලාංකේය කලා ශිල්පිනිය ලෙස ‘දෙරණ-විවාහ’ වැඩසටහන මෙහෙය වූ යොවුන් ගායිකා නතාෂා පෙරේරා ඉතිහාසයට එක් විය. එහෙත් ඉහත වරම ලද පළමු කලා ශිල්පියාවිමේ දුර්ලභ අවස්ථාව, හිරු රූපවාහිනී නාලිකාවේ ‘ මංගලම්’ වැඩසටහන මෙහෙයවන හිරාන් යට්ටෝවිට හිමි නොවනු ඇත)
Source - Reader.lk