ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් හෙලිකොපටරයක් මගින් ගුවනේ සිට පසුගිය 2 වනදා මීගමුව නගරයට හෙලන ලද තෑගි වවුචර් ලබාගැනීමට උඩබලාගෙන සිට ඉන්පසු මීගමුව බෞද්ධ මන්දිරයේ වහලය මතට නැගි පිරිසක් දිවයාමේදී වහලය කැඩී මුළුතැන්ගෙට ඇද වැටීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
සිය සංවත්සරික උත්සවය සැමරීම සඳහා එක්තරා ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් හෙලිකොප්ටරයක් මගින් ගුවනේ සිට මීගමුව නගරයට පසුගිය දෙවන දා පෙරවරුවේ තෑගි වවුචර් හෙළා තිබෙනවා.
මෙහිදී තෑගි වවුචර් වැඩියෙන් බිමට පතිත වී ඇත්තේ නගරයේ දුම්රිය ස්ථානය අවටට සහ බෞද්ධ මන්දිරය ආශ්‍රීත ප්රදේශයටයි.
තෑගි වවුචර් බෞද්ධ මන්දිරයේ වහළය මතට වැටෙනවා දුටු විසි පහක පමණ පිරිසක් එහි වහළය මතටනැග ඒවා ඇහිදීමට දිවයාමේදී වහළයේ සෙවිලි තහඩු කිහිපයක් කඩා වැටී බෞද්ධ මන්දිරයේ මුළුතැන්ගෙට පුද්ගලයින් කිහිප දෙනෙක් ඇද වැටී තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
මේ සිද්ධියත් සමග නොසන්සුන් වූ බෞද්ධ මන්දිරයේ එම අවස්ථාවේ රැඳී සිටි පිරිස මුළුතැන්ගොඩ පැමිණෙදදී තුවාල ලැබූ පුද්ගලයින් ලැජ්ජාවට පත්ව ප්‍රතිකාර ලබාගැනීමට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන කරා ගොස් තිබෙනවා.
මේ පිළිබඳ අදාළ ගුවන්විදුලි නාලිකාව වහලයට සෙවිලි තහඩු ලබාදීමට පොරොන්දු වුවත් එදින දහවල් වනතුරුත් එය නොකෙරුණු බව බෞද්ධ මන්දිරයේ සේවකයන් පවසනවා.