රෝහලේ නවතින්නම සිසුවියකට පහරදුන් කෝටිපති කත දින 6කට පසු අත්අඩංගුවට
අනුරාධපුර උපකාරක පංතියක සිසුවියකට මහමගදී ප්‍රසිද්ධියේ පහර දුන් බව කියන කාන්තාව පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඇය අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
පසුගිය 26 වනදා අනුරාධපුර නගරයේ උපකාරක පංතියකට සහභාගීවීමෙන් අනතුරුව පැමිණි සිසුවියන් දෙදෙනෙකු අතර බහින් බස් වීමක් සිදු වූ අවස්ථාවක එක් සිසුවියකගේ මව විසින් අනෙක් සිසුවියට පහර දී තිබුණා. පහරකෑමට ලක්වූ 16 හැවිරිදි සිසුවිය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාළ කාන්තාව සහ ඇගේ දියණිය තම දියණියට අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් මිහින්තලේ කන්නට්ටිය ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රාණි දිසානායක මහත්මිය අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් ද යොමු කර තිබුණා.
එහෙත් දින හයක් ගත වනතුරු පහරදීම සිදු කළ කාන්තාව අත්අඩංගුවට නොගත් බවයි මන්නාරම පොලීසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු පහර කෑමට ලක් වූ දියණියගේ පියා සදහන් කරන්නේ
එම කාන්තාව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි නිවුස් 24 වාර්තාකරු කියා සිටියා.