පිදෙල් කස්ත්‍රෝගේ පෙම්වතිය මිය යයි

කියුබාවේ විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝගේ ආදරවන්තිය නටාලියා රෙවුලෙටා හවානා නුවරදී මිය ගොස් තිබේ. නටාලියා මිය යන විට ඇය 89 හැවිරිදි වියේ පසු විය. කියුබා විප්ලවය දියත් කළ මුල් කාලයේදී ඇය සහ පිදෙල් කස්ත්‍රෝ අතර පෙම් සබඳතාව ඇරඹී තිබේ.

ඉතා ධනවත් හා රූමත් කාන්තාවක් වුණු නටාලියා රෙවුලෙටා 1952 වසරේදී කස්ත්‍රෝට හමු වන විට විවාහක එක් දරු මවකි.

තමාට වඩා වසර 20ක් පමණ වැඩිමහල් වුණු හර්ද රෝග විශේෂඥ වෛද්‍ය සැමියා අතහැර දමා කස්ත්‍රෝ සමඟ පෙමින් බැඳුණු නටාලියා ඇයගේ සියලූ දියමන්ති ආභරණ හා දේපොල අලෙවි කර විප්ලවය සඳහා කස්තෝට මුදල් ලබා දුන් බව සඳහන් වේ.

කස්ත්‍රෝ හා නටාලියා කිසිම දිනක විවාහ නොවුණු අතර ඔවුන්ට ඇලීනා නමින් දියණියක්ද සිටියි. 

Share this