බ්‍රිතාන්‍ය හමුදාවේ බලවත්ම කාන්තා චරිතය බවට පත්වෙමින් බ්‍රිගේඩියර් ෂැරොන් නෙස්මිත් නමැති දෙදරු මවක්. සොල්දාදුවන් පන්දහසකින් යුතු හමුදා කණ්ඩායක ආඥාපති ධුරයට පත්ව තිබෙනවා.
ඇය එරට හමුදාවේ වසර විස්සක කාලයක් පුරා සේවයේ යෙදී සිටින තැනැත්තියක්. ජර්මනිය ඉරාකය ඇතුලු විදෙස් සටන්බිම්වලදීද ඉදිරිපෙළ හමුදා භඩ කණ්ඩායම්හි සේවයේ යෙදී තිබෙනවා.
තවදුරටත් ඇයගේ සේවාව බ්‍රිතානය හමුදාව වෙත ලබාදීමට ඇයට වාසනාව ලදහොත් බ්‍රිතාන්‍ය යුද හමුදා ඉතිහාසයේ ජෙනරාල් ධුරයට පත් ප්‍රථම කාන්තාව බවට පත්වීමටද ඇයට හැකිවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.