යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ

යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුම අරලියග මන්දිරයේ දී අත්සන් කෙරුණා. එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අදාළ පෙරමුණ සඳහා එක්ව සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලි චම්පික රණවක, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීමට යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා තිබෙන්නේ. ඒ අනුව මෙම පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට “අලියා“ ලකුණ යටතේ තරඟ වැදීමට නියමිතයි.

රාජිත සේනාරත්න කළුතර දිස්ත්‍රික්කයෙන් ද පාඨලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කයෙන් ද අර්ජුණ රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ජනමාධ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් කරුණාරත්න පරණවිතාන රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද එක්සත් ජාතික පෙරමුණ යටතේ “අලියා“ ලකුණින් තරඟවැදීමට නියමිතය.

Share this