ලිඳුල පොලිස් වසමට අයත් නාගසේන ප්රදේශයේ ප්රධාන පෙළේ දමිළ පාසලක සිසුන් තිදෙනෙක් ගස් බැඳ තිබියදී ප්රදේශවාසීන් විසින් සොයා ගැනීමෙන් පසුව ලිඳුල පොලීසියට භාරදී තිබෙනවා.
අදාළ පාසලේ 6 වන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් තිදෙනා පාසැල නිමවී නිවසට යමින් සිටිදී ප්රධාන මාර්ගය පසෙක නිවසක් අසල තිබූ වෙරළු ගසක් යට තිබූ වෙරළු ඇහිදිමින් සිටින අවස්ථාවේ නිවෙස් හිමියා විසින් මෙම පාසල් ළමුන්තිදෙන එම වෙරළු ගසේම බැඳ පහර දුන් බව සිසුන් පොලීසිය පවසා තිබෙනවා.
දිනපතා පාසල් ළමුන් විසින් මෙම වෙරළුගසට ගල් ගසා වෙරළු කඩන බවත් මෙම පාසල් ළමුන් තිදෙනා බියගැන්වීමට ගස් බැන්ද බවත් නිවෙස් හිමියා පවසනවා. පාසල් ළමුන් තිදෙනා ගස් බැඳීමේ සිද්ධියට සම්බන්ධ නිවෙස් හිමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මකයි.