මුතූ ගේ සුදු ආඳා

මුතු තරංගා නිළියකටත් වඩා මේ දවස්වල ජනප්‍රිය ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් ලෙසයි. ඒ නිසාම ප්‍රසංග වේදිකාවෙන් ඇයට නිරතුරුවම ආරාධනා ලැබෙනවා. සංගීත ප්‍රසංග නිසා ඇය මේ දවස්වල නිදි වර්ජිත කාලසීමාවක් ගත කරන බවයි අපිට දැන ගන්නට ලැබුණේ.

’ අවුරුදු සමයේ සිට මේ දක්වා කාලය හරිම කාර්ය බහුල කාල සීමාවක් වුණා. තවමත් හරිහැටි නිදා ගන්න දවසක් ලැබුණේ නැහැ. නිදි වරමින් ප්‍රසංගවලට සහභාගි වෙනවා. දැනට සති දෙක තුනකට උඩ දී මම දෙවන වරටත් නෙදර්ලන්තයේ සංචාරය කරන්න ගියා.

මමයි, සුරේන්ද්‍ර පෙරේරයි, සකුරා රේන්ජ් බෑන්ඩ් එකයි මේ සංචාරයට එක් වුණේ. එහි දි ලබපු අත්දැකීම් නම් විශාලයි. අපි එරටේ විශේෂ තැන් දෙකක් නරඹන්න ගියා.

‘ආදපල්ලි’ සහ ‘හරිස්සා’ ඒ ස්ථාන දෙකයි. ‘ආඳාපල්ලි’ කියන්නේ එතැන විවිධත්වයෙන් යුතු සුදු සහ කළු ආඳන් ඉන්නවා. සුදු ආඳකු දකින්න ලැබෙන්නේ කලාතුරකින්. එහෙම දැකලා ප්‍රාර්ථනාවක් කළාම එය ඉටුවෙනවා කියා විශ්වාසයක් එරට ජනතාව අතර තිබෙනවා. මමත් එවැනි සුදු ආඳෙකු දැකලා ප්‍රාර්ථනාවක් කළා. එය ඉටු වුණා.’

Share this