ලෝකයේ හොඳම රට ජර්මනිය - ලංකාව 41 වැනි ස්ථානයේ

ස්විට්සර්ලන්තයේ ඩවෝස් හි පිහිටි ලෝක ආර්ථික හමුව මගින් සකස් කෙරුණු ලයිස්තුවකට අනුව ලෝකයේ හැම අතින්ම හොඳම රට බවට ජර්මනිය පත්ව තිබෙනවා.  ලෝකයේ හොඳම රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කැනඩාවටත්, තෙවැනි තැන බි‍්‍රතාන්‍යයටත් හිමිව තිබෙනවා.  ලෝක බලවතා වූ ඇමරිකා එක්සත් ජනපදය මේ ලැයිස්තුවේ සිවු වැනි ස්ථානයට පහත බැස තිබීම ද විශේෂත්වයක්.  

මේ අතර වෘත්තිමය ජීවිතයක් ආරම්භ කිරීමට සුදුසුම රට බවට චීනය පත්වෙද්දී, එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ජර්මනිය හා එක්සත් ජනපදයට හිමිව තිබෙනවා.  ආයෝජනය කිරීමට වඩාත්ම සුදුසු රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇති අතර, සිංගප්පූරුව හා වියට්නාමය මෙහි දෙවැනි හා තෙවැනි ස්ථාන වලට පැමිණ තිබේ.

ලොව හොඳම රටවල් ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 41 වැනි ස්ථානයයි.  ඉන්දියාව මෙහි 22 වැනි ස්ථානයට පත්ව තිබේ.  ආර්ථික වශයෙන් දරුණු කඩාවැටීමකට ලක්වූ ග්‍රීසිය යුද ගැටුම් වලට මුහුණ දෙන ඊශ‍්‍රායලය, තුර්කිය, ඊජිප්තුව ආදී රටවල් පවා මේ ලැයිස්තුවේ ලංකාවට ඉහළින් සිටීම විශේෂත්වයකි.
ඒ අනුව ලොව හොඳම රටවල් ලැයිස්තුවේ පළමු ස්ථාන 10 මෙසේය.
1. ජර්මනිය
2. කැනඩාව
3. එක්සත් රාජධානිය
4. එක්සත් ජනපදය
5. ස්වීඩනය
6. ඕස්ටේ‍්‍රලියාව
7. ජපානය
8. ප‍්‍රංශය
9. නෙදර්ලන්තය
10. ඩෙන්මාර්කය

Share this