පොලොන්නරුව බත් දන්සල ජනපති ප්‍රධානත්වයෙන්

පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් 55 වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා බත් දන්සල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (02දා) දහවල් විවෘත කෙරිනි.

ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානය පිළිගැන්වීමෙන් අනතුරුව බත් දන්සල ආරම්භ කෙරිනි. 

පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව පූජා භූමිය අසළ වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම දන්සලට අතිවිශාල ජනතාවක් එක් වෙති. 

අද දින දැන්සැල විවෘත කිරීමත් සමග පොළොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි අතිවිශාල ජනතාවක් දන්සැල වෙත පැමිණි අතර එම ජනතාව ඉතා සුහදශිලිව පිළිගත් ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය. අනතුරුව ඔවුන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීමටද එක් විය. 

මේ අතර දන්සලේ ආහාර පිසීමේ කටයුතුද පෞද්ගලිකවම සොයා බැලීමට ජනාධිපතිතුමා කටයුතු කළේය. දන්සැල අද සහ හෙට දෙදින පුරා පැවැත්වෙයි.











Share this