ඇවෙන්ජර්ස් නිළියගේ අලුත්ම රඟපෑම

දැන් ලොව පුරා තිරගත වන ‘ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන එලිසබෙත් ඔස්ලන් හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක්. මේ වන විට 26 වැනි වියෙහි පසුවන ඇය පසුගිය දා කළ එක්තරා ප්‍රකාශයකින් බොහෝ දෙනා තුළ විමතියක් ඇතිවුණා.
මේ සුරූපී යොවුන් නිළිය ප්‍රකාශ කළේ චිත්‍රපටයක රඟපෑමේදී එහි කතාවට අදාළව නිරුවත් දර්ශනයක රඟපාන්නට තමන් ට සිදුවුවහොත් කිසිදු පැකිලීමකින් තොරව එම රංගනය ඉදිරිපත් කරන බවයි. ඇය තවදුරටත් ප්‍රකාශ කළේ තමන් එවැනි රංගන පිළිබඳ උනන්දුවක් දක්වන්නට පටන් ගත්තේ ජනප්‍රිය නිළියන් දෙපළක් වන කේට් වින්ස්ලට් සහ කේට් බ්ලැන්චට් ගේ එවැනි රැඟුම් නැරඹීමෙන් පසුව බවයි.

“ඒ වගේ දර්ශනවල රඟපෑවා කියල තමන්ගේ වෘත්තීය ජීවිතයට අයහපතක් වෙන්නෙ නැහැ. හැබැයි මගේ පවුලේ අය, ඒ වගේ ම මගේ හිතවත් අය මේ තීරණයට සම්පූර්ණයෙන් ම විරුද්ධයි.” එලිසබෙත් ඔස්ලන් මාධ්‍ය හමුවකදී කියා සිටියා.

Share this