හැඳුනුම්පත පත්තර කන්තෝරුවේ

‘රෑන’ ටෙලිනාට්‍යයේ වගේම තවත් ටෙලි නාට්‍ය රැසක රඟපාන ජනප්‍රිය නිළියක් තමයි රශී ප්‍රබා සන්දීපනී. පසුගිය දවසක විශේෂාංගයක් සඳහා පුවත්පත් අයතනයකට ගොඩවැදුණු රශීට මුහුණ පාන්න සිදුවු අපූරු සිදුවීමක් අපිටත් දැන ගන්නට ලැබුණා.

‘මට මගේ ආර්ටිකල් එකක් කරන්න එන්න කියා එක්තරා පුවත්පත් ආයතනයකින් ආරාධනාවක් ලැබුණා. ඉතින් මමත් පසුගිය දවසක ඒ ආයතනයට ගොඩවැදුණා. ආර්ටිකල් එකත් පත්තරේ ගියා. කොහොම හරි ඊට සති කිහිපයකට පසුව මම මුදල් අවශ්‍යතාවයක් නිසා බැංකුවට ගියා. මුදල් ගන්න හැඳුනුම්පත හොයන කොට මගේ පර්ස් එකේ හැඳුනුම්පත නැහැ. එත් ඒ පාටට හුරු වෙන කාර්ඩ් එකක් තියෙනවා. ඒක අතට අරගෙන බලනකොට තමයි මතක් වුණේ මගේ හැඳුනුම්පත මම ගිය පත්තර කන්තෝරුවේ පිළිගැනිමේ කවුන්ටරයේ නේද කියලා. පස්සේ මම ඊටත් මාසයකට පස්සේ ඒ පුවත්පත් ආයතනයට ගිහින් මගේ හැඳුනුම්පත අරගත්තා. ඒක මාස කීපයක් පුරා තිබුණ තැනම තිබුණු විදිහටම තිබිලා.’

Share this