දඹුළු රෝහලේදී ව්‍යාජ දොස්තරවරයෙක් දැලේ

දඹුල්ල මුලික රෝහලේ ශල්‍යාගාරයට දොස්තරවරයකු ලෙස ඇතුළුවීමට ගිය අයකු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා. ඒ රෝහලේ දොස්තරවරුන් විසින්. මෙම පුද්ගලයා සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද වෛද්‍ය හැඳුනුම්පතක්, වේද නලාවක් සොයාගෙන තිබෙනවා.

ඔහු කුමන කාරණයක් සදහා රෝහල වෙත පැමිණියේද යන්න මෙතෙක් හෙළිවී නැත. මෙම පුද්ගලයා වේද නලාවද රැගෙන රෝහලට ඇතුළුවී තිබෙනවා. සැත්කම් කාමරයට ගමන් කරන අතරදී සාමාන්‍ය ඇඳුමකින් සැරසී ඒ අසලින් ගමන් කල දොස්තරවරයාට සිනහා වී ගුඩ් මෝනින් කියා යන්න හදන විට සැක සිති ප්‍රශ්න කිරීමත් සමග ඔහු ගැන හෙළිවී තිබෙනවා. මෙම තරුණයා මැදිරිගිරිය පදිංචි අයෙකි. දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. 







Share this