‘පොකට්’ එකට තට්ටු වන රන්ජන්ගේ කිරි පැකට්

රන්ජන් රාමනායක ආණ්ඩුවේ පශු සම්පත්, සුබසාධන සමාජ සේවා නියෝජ්‍ය ඇමැතිවරයායි. ජනප්‍රිය නළුවෙක් ද වන රන්ජන් ඇමැතිතුමාගේ අමත්‍යාංශය පිහිටා තිබෙන්නේ කොළඹ සෙත්සිරිපායේයි. සතියේ එක් දිනක් මහජනයා උදෙසා මහජන දිනයක් මෙහි පවත්වනු ලබනවා. එදිනට එම අමාත්‍යාංශ පරිශ්‍රය මහ ජනතාවගෙන් අතොරක් නැතිව පීරී යනවා. නොයෙක් ආකාරයේ දුක් ගැනවිලි හැඩුම් දෙඩුම් රන්ජන් ඇමතිතුමා ඉදිරියේ දිග හැරෙනවා. මේවාට සාවධානව ඇහුම්කන් දෙමින් ඒ දුක් ගැනවිලි වලට හැකි සෑම විසඳුමක්ම රන්ජන් නොපැකිළිව ලබා දෙනවා. ඒ අතර තවත් අගනා මෙහෙවරක් මේ අමාත්‍යාංශයෙන් දියත් කෙරෙනවා.
ඒ තමයි රන්ජන් ඇමැතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දුර බැහැර සිට එන ජනතාව වෙනුවෙන් කිරි පැකට්ටුවක් ලබා දීම. ඒත් මේ කිරි පැකට් එක බොන්නම බලාගෙනත් සමහරු මෙතැනට එදිනට එනවාලු.

Share this