21 ලංකාවට එනවා.. ඒත් දේශපාලනය කරන්නේ නම් නෑ...දේශපාලනය මට දැන් අරහං..

තමන්ට නැවත දේශපාලනය කිරීමට නොඑන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක සහ පසුගිය සන්ධාන ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා මෙන්ම රාජපක්ෂ පවුල කනපිට පෙරළු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පවසනවා. 

ඉකුත් ජනවාරි මාසයේ ජනාධිපතිවරණ ඡන්දයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමත් සමග බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි බලා පිටත්ව ගියේ නිදි පැදුරටත් හොරෙනි. කෙසේ වෙතත් බැසිල් මීට පෙර අවස්ථා කිහිපයකදීම ලංකාවට එන බව පවසා තිබුණා. කෙසේ හෝ සිංහල අලුත් අවුරුද්දට පෙරද ලංකාවට පැමිණෙන බව ද පැවසු නමුත්, ලංකාවේ දී තමන් අත්අඩංගුවට පත්වනට නියමිතව තිබෙන බව දැනගැනීමෙන් පසු ඇමරිකාවේ දී අවුරුදු කෑ පසු සිරබත් කන්නට ලංකාවට එන බව පැවසුවා.

කෙසේ හෝ වේවා ලබන 21 වන දින තමන් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන බවත්, පවසන බැසිල් තමන් මෙරටට පැමිණි පසු තමනට එල්ල වී ඇති මූල්‍ය අක‍්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් ලබා දී ඇති අධිකරණය නියෝගයට ගරු කරමින් ප‍්‍රකාශයක් ලබා දෙන බවද කියා සිටියේ ය.

Share this