මව බලා සිටියදී දුව පැහැරගෙන ගොස් දුෂණය කර මරා දමයි [ඡායාරූප සහිතයි]

පෝලන්ත සංක‍්‍රමණිකයාගේ තිරිසන් ක‍්‍රියාවෙන් ප‍්‍රංශය කැළඹෙයි

උතුරු ප‍්‍රංශයේ පාසල් ක‍්‍රීඩා පිටියක යෙහෙළියක සමග ක‍්‍රීඩා කරමින් සිටි 9 හැවිරිදි දැරියක් ඇගේ මව බලා සිටිය දී බලහත් කාරයෙන් තම රියට නංවාගෙන ගිය පෝලන්ත ජාතිකයෙක් පාලූ වන ලැහැබකදී දැරිය දුෂණය කර ගෙළ මිරිකා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මත් පැන් පානය කර සිටි ස්බිග්නිව් හුමින්ස්කි නම් 38 හැවිරිදි පෝලන්ත සංක‍්‍රමණිකයා ඊයේ සවස දැරිය පැහැර ගන්නා මොහොතේ තම දියණියගේ විලාපය ඇසී දිවගෙන ආ මවට කිසිවක් කරගත නොහැකි විය. ප‍්‍රංශය හරහා බ්‍රිතාන්‍යයට පැන යාමට එන නීති විරෝධී සංක‍්‍රමණිකයන් රඳවා තබන කඳවුරු ප‍්‍රදේශයේ ජනශුන්‍ය කැළෑ බද පෙදෙසක තිබී පැය එක හමාරකට පසුව දැරියගේ නිරුවත් සිරුර හමු විය.
ඇගේ සියුමැළි සිරුරේ දරුණු වධ වේදනාවලට බඳුන් වූ ලකුණු තිබිණි. කැලේ ප‍්‍රදේශය ප‍්‍රංශය සිට බ්‍රිතාන්‍යයට ඇතුල් වන දේශ සීමා ප‍්‍රදේශයයි මීට පෙර දෙවතාවක් දරුණු හැසිරීම් හේතු කොටගෙන දුෂකයාට ප‍්‍රංශයට ඇතුල් වීම තහනම් කර තිබුණද පෝලන්ත මෝටර් රථයකින් කැලේ හරහා බ්‍රිතාන්‍යයේ වෙසෙන තම පවුල හා එක්වීමට ඔහු යමින් සිට ඇත .

ප‍්‍රංශය හා එංගලන්තය යන දෙරටේදීම අපරාධ වලට දඬුවම් ලබා පිටුවහල් කර ඇති බේබදු ඝාතකයාගේ රථය ‘ක්ලොවේ’ මරා දමා තිබු ස්ථානයට නුදුරින් සොයාගනු ලැබිණි. දැරියගේ සිරුරේ තැවරී තිබු ශුක‍්‍රානු සමග ඔහුගේ ශුක‍්‍රානු ගැලපී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මරා දැමුණු ක්ලොවේ ට අවුරුදු 4 ක සොයුරියක් සහ අවුරුදු පහක සොයුරෙක් සිටි. මේ අපරාධයෙන් පසු උතුරු ප‍්‍රංශය දැඩි කම්පනයකට පත්ව තිබේ.






















Share this