ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) උදෑසන ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිදුන් අභියසදී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රි මහා බෝ සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අලුත් සහල් මංගල්‍යයට එක්වුණා.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ් නොඉඳුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබුණා.

වස විසි නැති දේශීය සහල් බඳුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කෙරුණා.

එම සහල් නිපැයීමට බිත්තර වී පළාත් නවයේම ගොවීන් වෙත ඛෙදාදෙන ලද්දේද ජනාධිපතිතුමා අතිනි. රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවින් රැසක් එක්ව සිටී අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලූත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරෙනවා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී හැරිසන්, චන්ද්‍රානි බන්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මින් ඇතුථ මහජන නියෝජිතයින් රැසක්ද ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක්ද එක්ව සිටියා.










Share this