ඉන්දියාවේ පළමු සමලිංගික විවාහය!!

ආදරය...මේ ලොව ඇරඹුන දා පටන්ම වැඩිම දෙනෙක් සතුටු වුනේ වගේම දුක් වුනේ කුමක් නිසාද ඇහුවොතින් බොහෝ දෙනෙක් දෙන පිළිතුර වෙන්නේ ඒ ආදරයය කියලයි..ඒ තරම්ම ආදරය කියන වචනය අපිත් එක්ක බැඳිලා.කුඩා කාලයෙදී දෙමාපියන්ගේ ආදරය,සහොදරයන්ගෙන් ලැබෙන ආදරය,ගුරුවරුන්ගෙන් ලැබෙන ආදරයත් එක්ක ජීවත් වෙන අය නව යොවුන් විය පැමිණීමත් සමග තම විරුද්ධ ලිංගිකයා කෙරෙහි ආකර්ශණය වෙනවා.ප්‍රේම සම්බන්ධතා ගොඩ නගා ගන්නවා.මේ සමාජයේ සම්මතය,ජීවින්ගේ පැවැත්ම පවතින්නේ විරුද්ධ ලිංගිකයා සමග තියන බැදීම නිසා..

නමුත් විරුද්ධ ලිංගිකයෙක් නොවන සමලිංග ආදර කතා ද අද සමාජයේ බහුලව දක්නට ලැබෙනවා.නමුත් විවිධ සංස්කෘතික සීමාවන් නිසා එය සමාජ සම්මතයෙන් බැහැර නිසාත් ගොඩක් අය මේ දේවල් පිළිකුල් කරනවා.නමුත් ලෝකයේ සමහර රටවල් සමලිංගික විවාහ නීතිගත කරලත් තියනවා..මානව ක්‍රියාකාරීන් කියන්නේ තමාට කැමති ඕනෑම කෙනෙකු සමග විවාහ වීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබිය යුතු බවයි..එය සමලිංගික ද නොමැති ද යන්න ගැටලුවක් කරගත යුතු නොවන බවයි ඔවුන්ගේ මතය..

ඉතින් මේ කතා පුවත අපට අහන්න ලැබෙන්නේ ඉන්දියාවෙන්..විවිධ සංස්කෘතීක මෙන්ම ආගමික සීමාවන් ද පවතින රටක් ලෙස ඉන්දියාවෙන් මෙවැනි පුවතක් ආරංචි වීම එක්තාරා ආකාරයකින් පුදුමයක්.මේ සමලිංග ආදර කතාවත් එවැනි එකක්....

ඔවුන් නමින් සීමා සහා ෂැනොන්.උපතින් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක් වන මේ දෙදෙනාම පදිංචි වෙලා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ..ෂැනොන්ට සීමාව හම්බවෙලා තියෙන්නේ ශරීර යොග්‍යතා පන්තියකදි.සීමාව දුටු ගමන්ම ඇය පිළිබඳ ආදරයක් ඇති වුණා කියලයි ෂැනොන් නම් කියන්නේ..

කොහොම වුණත් දෙන්නා අතර මෙහෙම ඇතිවුණු හිතවත්කම ආදරය දක්වා දුරදිග ගිය එක එක් අතකින් පුදුමයක් කියලයි ඔවුන් කියන්නේ..සමාජ සම්මතය කොහොම වුණත් ඔවුන් දෙදෙනාම එකිනෙකා හොඳින් තේරුම් ගෙන ඇති බවත් පුදුමාකර ලෙස එකිනෙකාට ආදරය කරන බවත් ඔවුන් කියනවා.තවදුරටත් ඔවුන් කියන්නේ ඔනෑම පුද්ගලයෙකුට ආදරය කිරීමේ හා ඕනෑම පුද්ගලයෙකු හා විවාහ වීමේ අයිතියක් තිබිය යුතු බවයි.

ඉතින් මේ සම්බන්ධය විවාහයකින් කෙළවර කරගන්න මොවුන් දෙදනාට හැකිවුණා.ඔවුන් තම විවාහ මංගල උත්සවය ගත්තෙත් ඇමරිකාවේදී.මුදු මාරු කරමින්,යුගදිවියට ගැට ගැසීමේ වැනි ඉන්දියානු විවාහයක පවතින සම්ප්‍රදායික අංගයන් බොහොමයක් එක් කරමින් තම විවාහ මංගල උත්සවය අපූර්ව එකක් කරගන්නට මේ දෙදෙනාට හැකිවුණා..

ඒ විතරක් නෙමෙයි මෙම විවාහය වාර්තාවක් ද තබනු ලැබුවා..ඒ තමයි ඉන්දියාවේ කාන්තාවන් දෙදෙනෙක් සමලිංග විවාහයක් කළ ප්‍රථම අවස්ථාව වෙමින්...








Share this