අසැබි නිළියක් එක්ක රඟන්න බැරිලු

‘චිත්‍රපටයේ තිර රචනය නම් හොඳයි. ඒත් රඟපාන්න නම් එන්න බැහැ.’ බොලිවුඩ් පුරයේ ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ බොබි ඛාන් වෙත එලෙස කියා සිටියා. ඔහු අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය ‘ඒක් පහේලි ලීලා'. මෙහි රඟපාන්නට අකැමැති බවයි, ජනප්‍රිය සුපිරි නළුවන් කිහිප දෙනෙකුම අධ්‍යක්ෂවරයාට කියා සිටියේ. ඒත් එයට හේතුව මේ සුපිරි නළුවන් කිසිවෙකු පැහැදිලි කළේ නැහැ. අධ්‍යක්ෂ බොබි ඛාන්ට මේ අකැමැත්තට හේතුව තේරුම් ගන්න අපහසු වුණේ නැහැ. ඔවුන් අකැමැති වුණේ මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය, සනී ලියොන් සමඟ රඟපාන්නටයි.

සනී ලියොන් යනු කවුරුන්දැයි දැන් මුළු සිනමා ලොවට ම රහසක් නොවෙයි. සනි, බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට කලින් ප්‍රසිද්ධව සිටියේ අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ නිළියක් හැටියටයි. ඒත් ඇය බොලිවුඩයට පා තැබූ පසුව එවැනි චිත්‍රපටවල රඟන්නට ගියේ නැහැ. ඒ වුණත් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් ඇයව තවමත් ‘Porn Star’ හෙවත් ‘අසැබි චිත්‍රපට නිළිය’ නම් වූ ලේබලය අලවා තිබෙනවා. ‘ඒක් පහේලි ලීලා’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා හැටියට මම කිහිප දෙනෙක් ම තෝරා ගත්තා. ඒ අය හැ‍මෝම මේ චිත්‍රපටයෙ තිර රචනයට කැමැතියි. හැබැයි රඟපාන්න බැහැයි කියනවා.

සනි ලියොන් එක්ක රඟපෑමේ අකැමැත්ත තමයි ඒ හැමෝම නොකියා කියන්නෙ. නමුත් සනී අසභ්‍ය චිත්‍රපටවල රඟපෑවෙ ඉස්සර. දැන් එහෙම නැහැ. දවසක්දා සනීගෙ සැමියා ඩැනියල් වෙබර් මාව මුණ ගැහුණා. එයා මට කිව්වා, ඊළඟට තෝරා ගන්න නළුවාත් රඟපාන්න බැරිය කිව්වොත් එයාව මුණ ගැහිලා කියනවලු, “කරුණාකරලා සනි එක්ක රඟපාන්නය කියලා.” අධ්‍යක්ෂ බොබි ඛාන් එලෙස කීවේ බලාපොරොත්තු ගොනු කරගෙනයි.






Share this