සමගියට බාධා වන ‘වෛරී කතා කිව්වොත්’නීතියෙන් දඩුවම්

වෛරී කතා පැතිරවීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත් කෙරෙන පනතකට ඊයේ (01දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ අනුව ආගමික, සමාජ හා ජනවාර්ගික සමගියට බාධා වන කතා පැතිරවීම මෙම පනතට අනුව වරදක් වනු ඇති.

මෙකී පනත ප්‍රථම වරට හඳුන්වාදෙනු ලැබුවේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසිනි. අදාළ කැබිනට් පත්‍රිකාව එකල ඉදිරිපත් කළ මුත් එයට කැබිනට් අනුමැතිය ලබාගැනීමට නොහැකි වී තිබුණි.

කෙසේ නමුත් වත්මන් රජයේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් දණ්ඩ නීති සංග්‍රහයට වගන්ති ඇතුළත් කිරීම සඳහා වූ මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Share this