ICC යට කේලම් කීව්වේ නිශාන්ත රණතුංගද?

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රතු එලි දැල්වීමට හේතුව  හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් අායතනයේ ප්‍රධානියෙකු අයි.සී.සී.යට කේලම් කීම බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ඔහු පවසන අන්දමට මේ පිටුපස සිටින්නේ නිශාන්ත රණතුංගයි. නව අතුරු පාලක කමිටුව පත් කිරීමත් සමග නිශාන්ත රණතුංග මහතා විදෙස් ගත වුණා. අනතුරුව මේ පිළිබද නිශාන්ත මහතා අයි.සී.සී යේ ප්‍රධානීන්ට කේලම් කියා ඇති බවයි වාර්තා වන්නේ.  කෙසේ වෙතත් නිශාන්ත රණතුංග මහතා පවසන්නේ සිය පියා විසින් ගොඩගත් ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී පුතා විසින් වලපල්ලට ඇද දැමීමට කටයුතු කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන රජයේ මැදිහත්වීම් පරීක්ෂා කර බැලීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය  තීරණය කිරීම නිසා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දෙන ආධාර මුදල් භාරකාර ගිණුමකට යොමු කිරීමට පියවර ගැනුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලන කමිටුවක් පත් කිරි‍මේ ප්‍රතිවිපාක සහ එවැනි ක්‍රියාවකින් නිදහස් සහ සාධාරණ ලෙස නිලධාරීන් තෝරා පත් කර ගැනීමට ඇති අයිතිය සම්බන්ධ අයි.‍සී.සී ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙනවා ද යන්න සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සිදු කෙරෙන රජයේ මැදිහත්වීම පිළිබඳව විධිමත් ලෙස සාකච්ඡා කළමුත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බව අයි සී සී ය පැවසුවා.

Share this