ලෝකේ වෙනස් කරපු කාන්තාවන් දස දෙනෙක්

ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අද දවසේ ඈත අතීතයේ සිට අද දක්වා ලෝකේ හිටපු විශිෂ්ටම කාන්තාවන් කිහිප දෙනෙක් ගැන තොරතුරු මෙන්න. එහෙත් ඔබ බලයි මෙතැන 11 දෙනෙක් ඉන්නවා ඒත් මහරැජිනගේ තොරතුරු දාලා නැහැනේ කියලා. ඇත්තටම අපි අදහස් කළේ පහතින් දැක්වෙන දස දෙනාගේ තොරතුරු කීමට පමණයි. මොකද මහරැජිනගේ තොරතුරු අපි නිරන්තරයෙන්ම අසන නිසා.

ඈන් ෆ්‍රෑන්ක්

ලෝක යුද්ධ සමයේ ජීවත්වුන ඇන් අවුරුදු 15දී මරණයට පත්වුනා. නමුත් ඇය අවුරුදු 13දී ඇයට ලැබුන පොතක ලෝක යුද්ධය ගැන ලියපු තොරතුරු වර්තමානයේ වැඩියෙන්ම කියවුනු පොතක් බවට පත්වෙලා තියෙනවා.






තෙරේසා මව්තුමිය

1979දී නොබෙල් සාම ත්‍යාගය ලබාගත්ත මෙතුමිය දුප්පත්, අසරණ අය වෙනුවෙන් ඇයගේ ජීවතයම කැප කලා.





බිලී ජීන් කින්

ඇමරිකානු ටෙනිස් ක්‍රීඩිකාවක් වුන මැය විම්බල්ඩන් ජයග්‍රහණ 20ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම 1973දී බොබී රිගස් පිරිමි ක්‍රීඩකයන් ගැහැනු ක්‍රීඩිකාවන්ට වඩා දක්ෂ බව කියපු අවස්ථාවේ ඇය ඔහුව ඩොලර් 100,000 ත්‍යාගයකට පරාජය කලා.




ෆ්ලොරන්ස් නයිටින්ගේල්


තුවාල වුන යුධ සෙබලුන්ට සත්කාර කල මැය හෙදි වෘතියට අලුත් අරුතක් වගේම ගෞරවයක් ගෙන දුන්නා.




එමීලියා ඉයර්හාර්ට්

1935දී හවායි සිට කැලිෆෝනියා දක්වා පියාසර කරල ලෝකේ පළමු ගැහැණු පයිලට් බවට ඇය පත් වුනා. ඇය 1937දී ලෝකය හරහා පියාසර කරන ගමනේදී අතුරුදහන් වුනා.




මාග්‍රට් තැචර්

බ්‍රිතාන්‍යයේ පළමු ගැහැණු අගමැතිනිය වුන මැය ලෝකේ පුරා ‘අයන් ලේඩී’ යන නමින් ප්‍රසිද්ධයි.






රෝසා පාර්ක්ස්

ඇමරිකාවේ අප්‍රිකානු ඇමරිකානු පුද්ගලයන්ගේ අයිති වෙනුවෙන් නැගී හිටපු කාන්තාවක් තමා මේ. ඇය බස් රථයක ගමන් කරනකොට සුදු ඇමරිකානුවෙක් වෙනුවෙන් ඇයගේ ආසනය දෙන්න අකැමැති වෙලා ඇයගේ ජාතියේ අය වෙනුවෙන් සටන් කලා.






මාරී කියුරී


රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ ගොඩක් විශේෂ දේවල් කරපු මැය නෝබෙල් ත්‍යාග දෙකක් ලබාගත් පළමු පුද්ගලයා බවට පත්වුනා.






සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය


ශ්‍රී ලංකාවේ පළමු අගමැතිනිය පමණක් නොව ලෝකේ අගමැතිනියක් වූ පළමු කාන්තා වන්නේද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි.






ජේ. කේ. රෝලින්

හැරී පොටර් පොත් ලියපු මැය ගොඩක් දුප්පත් තත්වයක සිට ලෝකේ පොහොසත්ම කාන්තාවක් බවට පත් වුනා. ඇය ඉස්සෙල්ලම ලියන්න පටන් ගත්තම ඇය තමන්ගේ පළමු නම වෙන ‘ජෝ’ වෙනුවට ජේ.කේ. කියන මුල් අකුරු පාවිච්චි කලේ ඇය කාන්තාවක් කියල දැනගත්තම ඇයගේ පොත් ප්‍රසිද්ධ වෙන්නේ නැති බයටයි.


Share this