ජොන්ස්ටන් ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට!

හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

කුරූණෑගල දිස්ත්‍රික් ඇමතිවරයෙකුගේ බල කිරීම මත අදාළ මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත බව මේ වන විටත් ප්‍රචාරයක් දියත් වෙමින් පවතියි.

ඉදිරි දේශපාලන කටයුතු සඳහා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බාධාවක් වීම හේතුවෙන් ‍ඒ මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස බලකීරීම් සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය දින කිහිපයකම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව වෙතද ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබුණි.

Share this