SBටයි පවිත්‍රාටයි ඇමැතිකම් දුන්නට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධතා

පසුගිය ජනපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයට ආන්දෝලනාත්මක කථා සපයමින් දායකවී මෛත‍්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකයාගේ පරාජය වෙනුවෙන් වෙහෙසගත් ප‍්‍රධාන පෙළේ හිටපු ඇමතිවරුන් දෙපළක් වන එස්.බී. දිසානායක හා පවිත‍්‍රා වන්නිආරච්චි දෙපළට නව රජය යටතේ ඇමති හා ඇමතිනි පදවි දීම සම්බන්ධයෙන් අභ්‍යන්තරයෙන්ම විවේචන එල්ලවී ඇත.

එස්බී දිසානායක පසුගිය මැතිවරණ සමයේ චන්ද්‍රිකා මැතිණියට නිරුවත් කතාවක් කීම නිසා දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර එයම පාරාවලල්ලක් කරගෙන මැතිවරණ ප‍්‍රචාරණයට හිරුණිකා සම්බන්ධවූ වෙළෙඳ දැන්වීමක්ද විකාශය විය.

මේ ගැන චන්ද්‍රිකා මැතිණිය ජනපතිවරයාට සිය විරෝධය පළකර තිබෙන බවද වාර්තා වනවා.

කෙසේ නමුත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇමැතිකම ලබාදුන්නද තමා එම ඇමැතිකමේ රාජකාරී නොකරන බවත් තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන බවත් සමීපතමයින් සමග පවසා ඇති බව සිරසගොසිප් වෙත වාර්තා වනවා. ඒ අනුව ඇය තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට ගෙන ඒමට කටයුතු කරන බවද පාක්ෂිකයන් හමුවේ පවසා ඇති බවද වාර්තා වනවා. 

Share this