සජින් වාස්ගේ ගුවන් යානයක් වසරක් තිස්සේ කටුනායක

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියන ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ නවතා තිබෙන බව හෙළිව තිබේ. මන්ත්‍රීවරයාට අයත් ගුවන් සමාගමේ වෙබ් අඩවියට අනුව එම සමාගම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යන අතර ඒ සඳහා භාවිතා කරන බවට සටහන් කර ඇත්තේ බෝයින් 727 වර්ගයේ ගුවන් යානයකි.

මෙම වර්ගයේ ගුවන් යානා මේ වන විට නිෂ්පාදනය නොකෙරෙන අතර පිළිසකර කළ එවැනි යානයක මිල අමෙරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වෙතැයි පැවසේ. මෙම ගුවන් සමාගමට අයත් ගුවන් යානය වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටු‍පළේ නතර කර තබා ඇති අතර මෙසේ ගුවන් යානයක් නතර කර තැබීම වෙනුවෙන් මසකට ඩොලර් 4000ක් ගෙවිය යුතු බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පැවසීය.

Share this