ශ්‍රී ලනිප අගමැති අපේක්‍ෂක මහින්ද නම් මා ඊට එකඟයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කළහොත් තමා ඊට එකඟව කටයුතු කරන බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා තමාගේ හොඳ මිත්‍රයකු යෑයිද, ඔහුව විනාශ කළේ පවුලේ උදවිය විසින් බවද ඇමැතිවරයා කීය.
රාජපක්‍ෂ මහතාව මැතිවරණයෙන් පසුවද හමුවූ බවත් ඉතා සුහදව කතාබහ කළ බවත් පසුගිය දිනක තම බිරිඳ සමගද ඒ මහතා සුහදව දුරකථනයෙන් කතාකළ බවත් ඔහු සමග කිසිදු පෞද්ගලික අමනාපයක්‌ තමාට නැති බවත් රාජිත සේනාරත්න මහතා කීය.
ඉකුත් ආණ්‌ඩු සමයේදීද බොහෝ තීන්දු තීරණ ගැනීමේදී තමා හඬ නැගූ බවත් ඇතැම් විට තම හඬට කන්දී වැරදි තීන්දු නැවත්වූ බවත් කියා සිටියේය.
එහෙත් කොතරම් හිතවත්කම් තිබුණද ඉකුත් සමයේ ඔහුට හෝ පවුලේ උදවියට එල්ල වී ඇති චෝදනාවලින් බේරා ගැනීමට කිසිවිටක තමා මැදිහත් නොවන බවද ඇමැතිවරයා කියා සිටියේය.

Share this