විශ‍්‍රාම ගිය මහේලගේ ජර්සියට දැන් වෙලා තියෙන වැඩේ

ලෝක කුසලානයේ සිහින බොඳ කරමින් පසුගියදා පැවති දකුණු අප‍්‍රිකා තරගය පරාජයට වීමත් සමගින් ශ‍්‍රී ලංකා පිළ තරගාවලියෙන් ඉවත් වුණා. ඒත් සමගින් සුපිරි ක‍්‍රීඩකයින් දෙපළක් වූ කුමාර් සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධනද ඔවුන්ගේ එක්දින ක‍්‍රීඩා දිවියට සමුදෙන්නට විය.

මහේල මේ වන විට එක්දින පිටියෙන් මෙන්ම ටෙස්ට් පිටියෙන්ද සමුගෙන ඇති නිසාවෙන් ඔහුට නැවත වරක් ශ‍්‍රී ලංකා පිළට ක‍්‍රීඩා නොකරනු ඇත. 

තමන්ගේ ආදරණීය දියණිය වූ සන්සා ආර්යා වෙනුවෙන් ඔහු ටෙස්ට් පිටියෙන් සමුගත් බවට පසුගියදා තොරතුරු වාර්තාවිය. මේ වන විට එක්දින පිටියෙන්ද සමුගත් මයියාගේ ජර්සියට කුමක්වනු ඇති ද ? එයට පිළිතුරක් මෙම ඡායාරූපයේ දැක්වෙයි.

මහේලගේ ආදරණීය දියණිය ඔහුගේ නිල් පැහැති ජර්සිය ඇඳගෙන ඇත්තේ එය මේ වනවිට ඇය සතුකරගෙන සිටින බවට මහේලද සාක්ෂි දරමින්ය.

Share this