සොයුරාගේ අවමගුලට ජනාධිපති නැහැ...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ප‍්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේදී පොළොන්නරුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණ අතර, ජනාධිපතිවරයා ඊට සහභාගී නොවිය. ඒ, ඔහු චීනයේ නිල සංචාරයකට සහභාගිවී තිබීම හේතුවෙනි.

පොරොව පහරකින් තුවාල ලබා දින කිහිපයක් රෝහල්ගතව සිටි ප‍්‍රියන්ත සිරිසේන මහතා මියගියේ ඉකුත් සෙනසුරාදාය. ආණ්ඩුවේ හා විපක්ෂයේ බොහෝදෙනෙකු ඊයේ පස්වරුවේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබිය. හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ දහවල් දේහය තැන්පත් කර ඇති නිවස වෙත ගොස් ප‍්‍රියන්ත සිරිසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

චීනයේ නිල සංචාරයක නිරත වු ජනාධිපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතා අද අළුයම දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරයා සහ ශ‍‍්‍රී ලංකා දූත පිරිස සිංගප්පුරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයෙන් අළුයම 12.20ට පමණ කටුනායක ගුවන් තොටුපලට ලගා වී ඇත.

Share this