මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්දික් දැලේ

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සමග පකිස්ථානයට පැනගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන මොහොමඩ් සිද්දික් නැමැත්තා අත්අඩංගුවට ගෙන අැති බව ෙපාලීසිය පවසනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ කාලයකට ඉහත සැකකරු පදිංචි වී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

සැකකරු පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ බව හෙතෙම පවසයි.

ඔහු වසර කිහිපයකට ඉහතදී පකිස්ථානයට පැනගොස් වෙළේසුදා සමඟ කුඩු ජාවාරම් කරන්නට ඇතැයි සැක කරන අතර හෙතෙම අත්අඩංගුවට ගන්නා ලෙසට රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණ.

සැකකරු මේවන විට රැඳවුම් නියෝග මත තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටියි.

Share this