මම එජාපය හැරයන්නේ නැහැ තිස්ස කියයි ( වීඩියෝ සහිතයි)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාප පක්ෂ සාමාජිකත්වයෙන් තමන්ව නෙරපීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කළ මුලීක අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි. 

මෙහිදී එජාප අනෙක් පාර්ශවයට මූලික විරෝධය දැක්වීමට ලබන 24 සහ 25 යන දෙදින අවස්ථාවක් ලබා දීමට අධිකරණය තීන්දු කළ අතර, අදාල කරුණු විභාගයෙන් අනතුරුව 26 සහ 27 යන දිනවලදී නඩුවට අදාල කරුණු විභාග කිරීමටත් උසාවිය තීන්දු කර ඇත. මෙහිදී අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා කියා සිටියේ මෙවන් දෙයකී. මම නඩුව දැම්මේ හැමදාම තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නිසායි. කවදාවත් මම එක්සත් ජාතික පක්ෂය හැරදාල යන්න අදහසකුත් නැහැ. මම තාමත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ.

අනෙක් කරුණ තමයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ප්‍රථම පක්ෂය විසින් අඩුම තරමේ මගෙන් කිසිදු ප්‍රකාශයක්වත් ලබාගත්තේ නෑ. නිදහසට කරුණු විමසුවෙත් නෑ. අන්න ඒකයි මම මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ යනුවෙන් ඔහු පැවසීය.


Share this